මැතිවරණය කල් දැම්මොත් ජනතාව පාරට බහින එක නවත්වන්න කාටවත් බැහැ – සජිත් (VIDEO)

Date:

වර්තමාන රජය රට විනාශ කරලා රට බංකොලොත් කර මේ රටේ පොදු ජන ජීවිත විනාශ කිරීමෙන් අනතුරුව මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් නමුත් මැතිවරණය කල් තැබුවහොත් මුළු රටම මහ පාරට බැස කොළඹට පැමිණ මේ රටේ ජනතාවගේ ජනතා අයිතිය ජනතා පරමාධිපත්‍ය ජන බලයෙන් දිනා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සෑම දෙයකම මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක පොලී අනුපාත වැඩි කර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවා අසරණ වී ඇති අවස්ථාවක මේ අන්ධකාරයෙන් පිරි අපේ මාතෘභූමිය ගොඩ ගැනීම සඳහා එක්වන ලෙසත් බංකොලොත් රට ගොඩ අරන් නැවතත් වරක් ලක්ෂ 220ම ආර්ථික ප්‍රතිලාභ භුක්ති විදින රටක් ඇති කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනතාව දුකට පත්වී ඇති මොහොතක හිතක් පපුවක් නැති අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව සුරසැප විඳින බවත් එබැවින් ඔවුන් පළවා හැර සංවර්ධනය කේන්ද්‍ර කර ගත් ප්‍රේමදාස සංවර්ධන යුගය බිහි කිරීමට එක්වන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා හපුතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...