ඉන්දීය කාන්තා ලිගයේදී ලංකාවේ කෙල්ලන්ට ඉඩ ඇහිරෙයි

Date:

ඉන්දියානු කාන්තා ප්‍රිමියර් ලීග් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ව අලෙවි නොවිණි.මූලික වටිනාකම් ඉන්දීය රුපියල් ලක්ෂ 30 ට නම් කර තිබුණ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් ඉල්ලා සිටියේ නැත.ජාත්‍යන්තර කණ්ඩායමට පවා සුදුසුකම් ලැබ සිටින ඉනෝකා රණවිරගේ දඟ පන්දුව මෙන්ම කඩුලු රකින් පිතිකාරිණි අනුෂ්කා සංජීවනී ද ඉල්ලා සිටන්නට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත.

වැඩිම ඉල්ලුමකට අලෙවි වූයේ ඉන්දියාවේ ස්මිට්‍රි මන්දනා ය.ඇය මිලට ගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමය.ඇයට ඇමෙරිකානු ඩොලර් 415 000 ක මුදලක් හිමි විය.ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලින් ගාඩ්නර් සහ එංගලන්තයේ නටාලි බ්‍රාන්ට් ට හිමි වූ මුදල ඩොලර් 390 000 ක් විය.ඈෂ්ලින් ගුජරාට් ජියෑන්ස් කණ්ඩායම මිලට ගත් අතර නතාලි බ්‍රාන්ට් මිලට ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමය.දීප්ති ෂර්මා යූපි වොරියර්ස් කණ්ඩායම විසින් මිලට ගත්තේ ඩොලර් 317 000 ට ය.ඉන්දිය ක්‍රිකට් නායිකා හර්මප්‍රීට් කොවුර් 220 000 ක් ගෙවා මුම්බායි ඉන්දියන්ස් විසින් මිලට ගත් අතර ඇයට හා සමාන ගණනක් ගෙවමින් ඔස්ට්‍රේලියාවේ බේත් මූනි 244 000 ක් ගෙවා ගුජරාට් කණ්ඩායම මිලට ගෙන තිබිණ.

අලෙවි නොවුණ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙන්ම නවසීලන්ත නායිකා සූසී බේට්ස් මෙන්ම දකුණු අප්‍රිකානු නායිකා සුනී ලෝස් ද දකින්නට ඇත.නමුත් එම රටවල් දෙකෙන්ම වෙනත් ක්‍රිඩිකාවන් අයිපීඑල් නියෝජනය පිණිස කණ්ඩායම් විසින් මිලට ගැණින.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...