අසත්‍ය ප්‍රකාශයකට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු!

Date:

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශ විහිළුවක් බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට කළ ප්‍රකාශය විහිළු සහගත බවය.

ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ නුදුරේදීම දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බවය.

නමුත් මෙම අසත්‍ය ප්‍රකාශයක් බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සදහන් කළේය. ඔහු පෙන්වා දෙන්නේ හිටපු LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට DNA පරීක්ෂණයකින් ද තහවුරු වී ඇති බවත් හිටපු LTTE සාමාජිකයින් වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ද ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගිය බවට තහවුරු කළ බව යි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...