විශ්‍රාමික හමුදා කර්නල් ඩබ්.එම්.ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීමට මෝසමක්

Date:

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින්, වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලා ඇත.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම මෝසම ගොනු කර ඇත්තේ ඊයේ දිනයේදීයි. අදාළ පෙත්සම ඉකුත් සිකුරාදා එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලු අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වන දා තෙක් කල් තැබුණු බව එහි සඳහන් වේ.

නමුත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වන දා පැවැත්වීමට නියමිත බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම මෝසමේ සඳහන් කර තිබෙන අතර, ඒ අනුව අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීමට පෙර එනම් මේ මස 17, 20 හෝ 21 යන දින වලින් එක් දිනයක නියම කරන ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ඊට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් හෝ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු සාමාජිකත්වය දරන විනිසුරු මඩුල්ලක් හමුවේ මේ මස 14, 15 හෝ 16 වනදා යන දින අතුරින් එක් දිනයක විවෘත අධිකරණයේ කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙසත් එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් වරයා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඉකුත් සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් එය පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් මූලික විරෝධතා මතු කර තිබිණි.

එම මූලික විරෝධතා වලට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා විසින් පිළිතුරු සපයමින් සිටින අවස්ථාවේ නඩුවේ ලේඛන සම්බන්ධයෙන් ඇතිවූ අපහැදිලි තාවයක් හේතුවෙන් එහි වැඩිදුර සලකා බැලීම ලබන 23දා තෙක් කල් තැබීමට අධිකරණය තීන්දු කරන ලදී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...