GRAMMY සම්මාන උළෙලේ දී හැරී කට වරද්දා ගත්තා ද?

Date:

පසුගිය දිනක Grammy සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අයුරින් තරු රැසකගේ සහභාගීත්වය මධ්‍යයේ 2023 පෙබරවාරි 5 වන දින Los Angeles හි Crypto.com Arena හි පැවැත්වීය. එකිනෙකාට අනන්‍ය වූ සම්මාන පිළිගැන්වීම් සහ ජනප්‍රිය කලාකරුවන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය.

Grammy සම්මාන රාත්‍රිය විචිත්‍රත්වය කරා ගෙනගිය අයවලුන් අතරින් Harry Style කියන්නේ, එදින රාත්‍රියට නව පණක් දුන් ඉදිරිපත් කිරීමක් සිදු කළ අයෙක් පමණක් නොව සම්මාන කිහිපයකට ද ප්‍රාප්ත වූ අයෙකි.

මෙහි දී වසරේ ඇල්බමයට හිමි සම්මානයට ප්‍රාප්ත වූයේ Harry Styles ගේ Harry’s House යන ඇල්බමය වන අතර එපමණක් නොව ඔහුගේ Harry’s House ඇල්බමයට Best Pop Vocal Album සම්මානය ද හිමි විය.

මෙහි දී සම්මානයට ප්‍රාප්ත වූ හැරී Grammy ආමන්ත්‍රණය කර පැවැත්වූ කතාව කාගේත් කතා බහට ලක්විය.

“this doesn’t happen to people like me very often” – Harry Style

ඔහු වසරේ ඇල්බමය සඳහා වන සම්මානය පිළිගන්නා විට පැවසූයේ; “මම වගේ අයට මේ වගේ දෙයක් ගොඩක් වෙලාවට වෙන්නේ නෑ” යනුවෙනි.

ඉතිහාසගත වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගෙන ඇත්තේ හැරී වැනි සුදු ජාතික සහ සිස්-සමාජභාවී (cisgender) මිනිසුන් වන අතර, හැරී ගේ මෙමප්‍රකාශය සමඟ Grammy වැනි දැවැන්ත ගෝලීය වේදිකාවක් තුළ අව-වරප්‍රසාදිත ප්‍රජා නියෝජනය හෑල්ලුවට ලක්කිරීමට ඔහු කටයුතු කර ඇති බවට චෝදනා එල්ල විය. විශේෂයෙන්ම Grammy සම්මාන උළෙලේ සම්මානයට බඳුන් වූ බෑඩ් බනී කළු ජාතික පුද්ගලයකු වීමත්, එදින Grammy වේදිකාවේ අමතක නොවන මතකයක් ඉතිරි කර ගිය සෑම් ස්මිත් වැනි ද්විත්ව නොවන සමාජභාවයක් (non-binary) ඇති පුද්ගලයන්ට වේදිකාව විවර වීමත් සමඟ, හැරීගේ ප්‍රකාශය මතභේදාත්මක තත්ත්වයක් උදා කළේය.

මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ Twitter වේදිකාව ද ඉතාමත් උණුසුම් විය.

කෙසේ වෙතත්, ඉකුත් BRIT සම්මාන උලෙළේදී වසරේ කලාකරුවා සම්මානයට ප්‍රාප්ත වූ ඔහු එම සම්මානය පිළිගනිමින් කියා සිටියේ; එම සම්මානය පිළිබඳව තමා “කෘතවේදීත්වයට පත්වන” බවත් තමා ලත් වරප්‍රසාදය තමා හොඳින් වටහාගෙන සිටින බවත්ය.



නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...