*
Saturday, February 15, 2025
spot_img

Latest Posts

ඩේසි ආච්චිට විදෙස් ගමන් තහනමක් නෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අධිකරණයට අපහාස කරලා – නීතීඥ ප්‍රේම්නාත්

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අසත්‍යය තොරතුරු මාධ්‍ය ආයතන හරහා ප්‍රචාරණය කිරීම තුළින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කේ. බී. මනතුංග අධිකරණයට අපහාස කර ඇති බව නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි.

“B 9823/2016 නඩුව මෝසමක් මගින් කඩුවෙල අධිකරණයේ කැඳවුණා. විශේෂයෙන් අපට අවශ්‍ය වුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියපු කාරණයද හරි, නැත්නම් අධිකරණය විසින් ලබාදීපු කාරණයද හරි කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරගන්න. පැහැදිලිවම ගරු මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළා ගරු අධිකරණයෙන් ඩේසි ෆොරස්ට් කියන තැනැත්තියට කිසිම විදෙස් ගමන් තහනමක් ලබාදීලා නැහැ කියන කාරණය. ඒ එක්කම ගරු මහේස්ත්‍රාත්තුමියගේ අවධානයට යොමුවුණා කොහොමද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ ඒ මාධ්‍ය අංශ මේ නඩුව ගරු අධිකරණයේ කැඳවන්නත් ඉස්සෙල්ලා මාධ්‍ය ආයතන හරහා මෙවැනි ලබානොදුන් තීන්දු ගැන මේ ආකාරයෙන් ප්‍රචාරයක් කරන්නෙ කියන කාරණය. ඇත්තටම ඩේසි ෆොරස්ට් කියන කෙනාට විදෙස් ගමන් තහනමක් පනවලාත් නැහැ, ගරු මහේස්ත්‍රාත්තුමිය ඉතාම නිවැරදිව නියෝග කරලා තියෙන්නෙ අදාළ තැනැත්තිය සම්බන්ධයෙන් මේ නඩුවට අවශ්‍ය නම් නීතිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරන්න කියලා තමයි. අධිකරණයෙන් කරපු ඉල්ලීම් කිසිවක් ලබාදීලා නැහැ, ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් අපි කවුරුත් දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ නඩුව කැඳවන්න කලින් උදේ 11 ට විතර මාධ්‍ය හමුවක් තියලා කියනවා නඩු දෙකක් පැවරුවා ඩේසි ෆොරස්ට් සහ යෝෂිත රාජපක්ෂ කියන අයට. හරියට නිකම් අලුත්ම නඩු දෙකක් පැවරුවා වගේ. එතනින් එහාට ගිහිල්ලා ඩේසි ෆොරස්ට්ට විදෙස් ගමන් තහනමක් ලබාදුන්නා කියලා. විශේෂයෙන්ම මෙය අධිකරණයට අපහාස කිරීමක්, අධිකරණ කටයුතුවලට බාධා කිරීමක් කියන කාරණය මම ගරු අධිකරණයට දැන්වුවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තා ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා”

නීතීඥවරයා මේ බව පැවසුවේ මෝසමක් මාර්ගයෙන් අදාළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan