ඒ හර්ෂණ නෙවෙයි වෙන හර්ෂණ කෙනෙක් – සමාජ මාධ්‍යවල පැතිරෙන කතාව බොරුවක් !

Date:

යෝෂිත රාජපක්ෂට එරෙහිව 2016 වසරේ පටන් පැවති නඩු කටයුතුවලදී ඔහුට නීති උපදෙස් ලබාදුන් නීතීඥ කණ්ඩායමේ වත්මන් අධිකරණ අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ද සිට ඇති බව හැඟවෙන පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා.

එහෙත් ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යය බව විශ්වාසදායක ආරංචිමාර්ග LNW ගොසිප් වෙත සඳහන් කළා.

ඒ පුවතේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගේ බිරිඳ වන සන්ධ්‍යා තල්දූව නීතීඥවරිය යෝෂිතට නීති උපදෙස් දුන් නීතීඥ කණ්ඩායමේ සිට ඇති බවට සඳහන් කරුණ ඇත්තක් වුවත් හර්ෂණ නානායක්කාර ඇමතිවරයා සම්බන්ධ කරුණ සම්පූර්ණ බොරුවක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

එම නීතීඥ කණ්ඩායමේ “හර්ෂණ” නම් නීතීඥවරයකු සිට ඇති නමුත් ඒ, වර්තමාන අධිකරණ ඇමතිවරයා නොවන බවත් මෙය නම පටළැවීම නිසා ගෙතුණු බොරුවක් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...