*
Saturday, February 15, 2025
spot_img

Latest Posts

සජිත් – හර්ෂ පටලැවිල්ලකද?

කොළඹ LNW:සමඟි ජන බලවේගය විසින් ඊයේ (14) දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කළ අතර එහිදී කොළඹ දිස්ත්‍රික්කය කැපී පෙනුණි.

ඒ අනුව ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා ලෙස ජාතික නායකත්වයට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයත් තබා ගැනීම සිදුකර තිබේ.

මෙම දිස්ත්‍රික් නායකයින් පත්කිරීම ගැන සමඟියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර හර්ෂ ද සිල්වා මහතාගේ අදහස් දක්වීම තුළ කොළඹ දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් තීරණයක් ගැනීමට ජාතික නායකත්වයට ඉඩක් තිබුණ බවට වන හැඟීමෙන් අදහස් දක්වන ආකාරයක් පෙනෙන්නට තිබුණි.

තමන් කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා බවයි හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.

කෙසේවෙතත් තනතුරු බලෙන් ඉල්ලා ගැනීම හෝ අඩා වැලපී ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මාධ්‍යවේදියා – ඔබතුමාටත් සංවිධායකකමක් දිස්ත්‍රික් නායකත්වයක් හමුබුනාද?

හර්ෂ ද සිල්වා – නෑනේ. මට දුන්නේ නැහැ දිස්ත්‍රික් නායකත්වය කොළඹ.( සිනහසෙමින්) අනේ මොනවා කියන්නද මල්ලි දෙනවා නම් දෙනවා නැත්නම් දෙන්නේ නැහැ. එච්චරයි.

මාධ්‍යවේදියා – බලාපොරොත්තුවෙන්ද හිටියේ?

හර්ෂ ද සිල්වා – මම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. හැබැයි ඉතින් නායකතුමා ඒක තියාගෙන තියෙනවා ජාතික නායකයාට අමතරව.

මාධ්‍යව්දියා – ඔබතුමාට දුන්නොත් ගන්නවනේ?

හර්ෂ ද සිල්වා – (සිනහසෙමින්) ඕක ඉතින් ඉල්ලලාගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ජාතික නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිස්ත්‍රික් නායකකමත් අරන් තියෙනවා.

මාධ්‍යවේදියා – කලකිරීමෙන්ද?

හර්ෂ ද සිල්වා – කිසිකලකිරීමක් නැහැ. මෙහෙමනේ ඔය තනතුරු ලැබෙනවා,නොලැබෙනවා මම හතරවෙනි පාර දැන් කොළඹ.

මාධ්‍යවේදියා – ජනතාව ඔබතුමාව ඔසවල තියෙනවා වෙනදාටත් වැඩිය?

හර්ෂ ද සිල්වා – (සිනහසෙමින්) ජනතාවට භාරයි ඒවා. මට ඉල්ලලා,බලකරලා,අඩලා වැලපිලා ගන්නත් බැහැ. එහෙම අවශ්‍යත් නැහැ.

මාධ්‍යවේදියා – කිසිදෙයක් ඉල්ලලා නැහැ?

හර්ෂ ද සිල්වා – ඉල්ලන්න ඕනේ නෑනේ.මිනිස්සු ජන්දේ දෙනවා. මම මගේ වැඩේ කරනවා. විපක්ෂයේ ඉන්නකොට විපක්ෂයේ වැඩේ කරනවා. එකවාරයක් ආණ්ඩුවේ හිටියා,එතකොට පුළුවන් තරම් උපරිමෙන් ආණ්ඩුවේ වැඩේ කළා. දැන් ධනාත්මක විවේචනයක් කරනවා. හොඳ දේට හොඳයි කියන්න මට ප්‍රශ්නයක් නැහැ. වැරදි දේ විවේචනය කරනවා. ජනතාව අපිත් එකක් ඉන්නවා ඒවා ජන්ද වලින් අපි දැක්කා. ඉතින් ඔහොම යන්කො.

හර්ෂ ද සිල්වා මහතාගේ අදහස් දැක්වීම ගැන පෙරළා නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ විමසීමේදී ප්‍රේමදාස මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ කිසිදු අර්බුදයක් නැති අතර හෙඩ් ලයින් ලබා ගැනීම වෙනුවෙන් බොරුවට ආරවුල් ඇති නොකරන ලෙස මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වන ආකාරය දක්නට ලැබුණි.

හර්ෂ ද සිල්වා මහතාට කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය නොදීම ගැන දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම හමුවේ පක්ෂයේ මහ ලේකම් මොණරාගල දිස්ත්‍රික්කයේ නායකයා වන අතර තමන් කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා බවත් ගැටළුව කුමක්ද යන්නත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan