*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

චේතන් ෂර්මා ගේ හොඳම පන්දුවද – නරකම පන්දුව ද

චේතන් ෂර්මා ඉන්දිය කණ්ඩායමේ හිටිය ආරම්භක පන්දු යවන්නෙක් වන අතර ඔහු වත්මන් ඉන්දිය ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපතිවරයා ය.ඔහුගේ පන්දු යවන්නෙක් හැටියට ඇති හොඳම මතකය සාජා හී දී තරගයේ අවසන් පන්දුවට ඉන්දියාවට පරාජය කැඳවමින් චේතන් ෂර්මාට එරෙහිව ජාවෙඩ් මියැන්ඩෑඩ් එක් කළ හයේ පහරය.ඔහු පන්දුවෙන් දක්ෂතා දැක්වීම වෙනුවට මිනිසුන්ට මතක හිටියේ එය ය.මේ වන විට ද චේතන් ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියා සේ සූරියකුමාර් යාදෙව්,ෂුබ්මන් ගිල්,දීපාක් හූඩා වැන්නන් කණ්ඩායමට කැඳවීම වෙනුවට ඉන්දීය ක්‍රිකට් තේරීම පදනම් කරගෙන ෂී නිව්ස් වෙත හෙළිදරව් කරන ලද කතාවන් සහ අභ්‍යන්තර ගැටළු ගැන ඇති වී තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් වෙතින් නරක පිළිගැනීමක්ය.

ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලයේ ලෙකම් ජේ ෂා පවසන ආකාරයට ෂර්මාගේ කරුණු ගැන අවධානය යොමු කිරීමට තීරණය කළත්,ඔහු ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය සමඟ එකඟතා ගිවිසුම් බිඳ දමා ඇත.එසේම හාර්දික් පාණ්ඩයා සහ රෝහිත් ෂර්මා සමඟ ඇති පෞද්ගලික බැදීම් සම්බන්ධයෙන් යම් හෙළිදරව් කිරීමක් චේතන් ෂර්මා කර ඇති අවස්ථාවක ඔවුන්ට කණ්ඩායම් නායකයන් සේ ෂර්මා සමඟ රැස්වීම්වලදී එකට අසුන් ගෙන කටයුතු කළ හැකි ද යන්න ද මෙහිදී අවධානයට යොමු කිරීම වටින්නේය.

මන්ද චේතන් ෂර්මා, රෝහිත් සහ පාන්ඩයා දෙදෙනාම තම නිවසට යන එන බව පවසා ඇති අතර ඒ අතරින් වැඩිපුර පැමිණෙන්නේ පාන්ඩයා බව ද පෙන්වා දී ඇත.විරාට් සහ ගංගුලි අතර පෞද්ගලිකව යම් විරසකයක් තිබිය හැකි බව පවසන චේතන් ෂර්මා ඊට හේතුව කෝලිගේ මමත්වය බව ද පෙන්වා දෙයි.නමුත් ඒ විරසකයම කෝලිට නායකත්වයෙන් ඉවත්වීමට බල නොපෑ බව පවසන චේතන් ෂර්මා සුදු පන්දුවේ නායකත්වය රෝහිත් ෂර්මාට පැවරීමට තමන් මැදිහත් වූ බව ද පවසයි.

කණ්ඩායම ඇතුළත කෝලි හා ෂර්මා නියෝජනය කරන කණ්ඩායම් දෙකක් සිටින බව පවසන චේතන් ෂර්මා එය කණ්ඩායමට බලපෑමක් ඇති නොකරන බව පෙන්වා දුන්නත් කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී ඇතැම් අය සිය ශාරිරික යෝග්‍යතාවය පෙන්වීම සඳහා එන්නත් කර ගැනීම සිඳු කරන බව පැවසීම ඉන්දීය කණ්ඩායම සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වන පුවතක්ය.
“ඔවුන් තහනම් උත්තේජන ගැන දන්නවා”

චේතන් ෂර්මා ගේ ඉහත වචන කරන ඉඟිය වඩාත් භයානක වන්නේ ලෝක තහනම් උත්තේජන නීතිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමේදී ය.සාමාන්‍යයෙන් අලුත් තහම් උත්තේජන නිර්මාණය සිඳු වන්නේ සිඳු කරන පරීක්ෂණවලින් සැඟවී අරමුණ කරා ළඟා වීමට මඟ පෙන්වීම උදෙසා ය.ඒ නිසාම අලුත් තහනම් උත්තේජන නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයක් සේ සළකා ක්‍රීඩකයෙක්ගෙන් ලබා ගන්නා මුත්‍රා සාම්පල අවුරුදු 8 ක් තැන්පත් කර තැබෙන අතර එම කාලය තුළ ඕනෑම අවස්ථාවක හඳුනාගත් අලුත් පරීක්ෂණ ක්‍රම යටතේ ඒවා හඳුනාගෙන තහනම් කිරීමට ඉඩ තිබේ.මේරියන්ස් ජෝන්ස්ට ඔලිමපික් රන් පදක්කම් අහිමි වන්නේ ද ඒ ආකාරයටය.

ඒ අනුව දැනට හඳුනාගෙන සිටින තහනම් උත්තේජන නොවන අලුත් නිෂ්පාදන මේ සඳහා භාවිතා කර ඇත්නම් ඉදිරි වසර සඳහා නැවත පරික්ෂාවට ලක් කිරීම සඳහා මේ ක්‍රිඩකයින්ගේ මුත්‍රා සාම්පල තැන්පත් කර තැබීමට ජාත්‍යන්තර තහනම් උත්තේජන ආයතනය මැදිහත් විය හැකිය.එසේ වුවහොත් සමහර විට ඉන්දිය ක්‍රිකට් ඉතිහාසය අත් කරගත් කීර්තිය,සහ ජයග්‍රහණ අනාගතයේදී අහිමි වීමට ද ඉඩ ඇත.

සමහර ක්‍රීඩකයින් මේ ආකාරයට ව්‍යාජ සේ සිය ශාරිරික යෝග්‍යතාවය පෙන්වන බව පවසන චේතන් ෂර්මා යෝග්‍යතාවය නොසළකා තමා දැනුවත්ව ආබාධ මට්ටමේ සිටි ජස්ටින් බුම්රා කණ්ඩායමට නම් කරන ලද බවත් පැවසෙයි.ඒ සම්බන්ධයෙන් කරනු ලබන අදහස් දැක්වීම් හරහා දිවෙන යටි පෙළ තේරීම් සඳහා යම් බලපෑමක් ඇති කරන සුළු බව හැඟවෙන්නකි.ආගමක් සේ ක්‍රීඩාවත්,දෙවියන් සේ ක්‍රීඩකයිනුත් සළකන ඉන්දීය සමාජය තුළ මේ තත්ත්වයත් සමඟ ඇති විය හැකි උණුසුම භයානක එකක් විය හැකිය.දෙවියන් පරාජය නොවන බවට සහ නොවිය යුතු බවට විශ්වාස කරන බහුතර ක්‍රිකට් ලෝලීන්ගේ උන්මාදනීය හැසිරිම ඉදිරියේ ඉදිරියේ දී ඉන්දීය ක්‍රිඩකයින්ට කුමන ඉරණමක් අත්වේදැයි සිතිය නොහැකිය.නමුත් චේතන් ෂර්මාගේ ඉරණමනම් තීරණය කිරීම අපහසු නැත.ඔහු නුදුරේදීම එම තනතුරෙන් ඉවත් කරනු ඇත.එසේ නොවිය හැකි ඉරණම චේතන් ෂර්මාගේ කටින් ආ මේ වචනවලට වඩා දරුණු දේ ඔහුගේ කටේ සැඟවී ඇත්නම් පමණි.

චේතන් කවුද යන්න හරියටම තීරණය කරගන්න මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය ගනු ලබන තීරණය වැදගත් ය.මිට වඩා දෙයක් කියන්නට චේතන් සතුව ඇත්නම් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය ඔහුට අපට නොඇසෙන දරුණු අවවාදයක් කර මේ සිඳුවීම පසෙකින් තබනු ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan