*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/15

  1. නිසි ගෙවීම් කටයුතු අවසාන කරන තුරු අද දින නිකුත් කිරීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ලේඛන මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒවා ලබා දීමට හැකියාවක් නැති බව මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දෙයි – තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්යයි.
  2. පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය නිසි අරමුදල් නිදහස් කරන ලෙස පා.ම. පාඨලී චම්පික රණවක භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ගෙන් ඉල්ලා සිටියි – පාස්කු ප්‍රහාරයට වන්දි ලබා දීමේ නඩුවට අදාළව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ, තමාට ව්‍යවස්ථාපිතව පැවරී ඇති කාර්යභාරයන් ඉටු කිරීමට අසමත් වීම හමුවේ අමාත්‍යංශ ලේකම් පෞද්ගලිකව වගකිව යුතු බවට සඳහන්ව ඇති බව සිහිපත් කරයි.
  3. ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විදෙස් මුදල් මත පදනම් වූ බැඳුම්කරයට අදාළව නිකුත් කළ දිගු කාලීන ශ්‍රේණිගත කිරීම තවත් පහත දමයි – ඇ.ඩො. මිලියන 175 ක SLA 2024 බැඳුම්කරයට අදාළව පනවා තිබූ ‘CC’ ශ්‍රේණිගත කිරීම, ‘D’ දක්වා පහත දැමීමට කටයුතු කර තිබේ – මීට හේතුව ලෙස සඳහන් කරන්නේ, නිකුත් කරන්නා සහ ශ්‍රී ලංකා රජය (ඇපකරු ලෙස), ඇ.ඩො. මිලියන 6.1 ක පමණ කූපන් ගෙවීමක් මග හැර තිබීමයි.
  4. දිවයිනේ විවිධ පෙදෙස් වල ක්‍රියාත්මක වෙමින් තිබූ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති 7,000 පමණ නවතා දමා ඇති බව ගමනාගමන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – ශ්‍රී ලංකාව බංකොලොත් බවට නිවේදනය කිරීමෙන් අනතුරුව, චීනයේ එක්සිම් බැංකුවෙන් අවශ්‍ය අරමුදල් නොලැබීම මත මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු නතර වී ඇති බවත්, මෙතැන් පටන් කඩවත සිට මීරිගම දක්වා වූ කි.මී 40 ක මාර්ගය ඉදිකිරීම සඳහා වැඩි මුදලක් වැයවනු ඇති බවත් සිහිපත් කරයි.
  5. අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇ.ඩො. මිලියන 38 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වූ බව කැබිනට් ප්‍රකාශකවරයකු පවසයි.
  6. පොහොර ලබා දීමට අදාළව රජය පොහොර සමාගම්වලට රු. බිලියන 17 ක් ණය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි – මෙම වර්ෂයේ යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට අදාළව අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී පොහොර සමාගම් විසින් මෙම හිඟ මුදල් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා ඇති බව සඳහන් – “ඉදිරියේ දී” මෙම හිඟ මුදල් පියවනු ඇති බවට අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබේ.
  7. තම බිරිඳ, දියණිය සහ බිරිඳගේ සහායක සමඟ සිදුකළ සංචාරයක් අතරතුරදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර නිවාස සංකීරණ කාමරයක සිදුවූ බිලියනපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ අභිරහස් මරණය විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත් වීමට නියමිත ය.
  8. සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ ප්‍රදේශයේ කළ වැටලීමක් අතරතුර තම ගිනිඅවිය “වැරදීමකින්” ක්‍රියාත්මක වීම නිසා 25 හැවිරිදි කාන්තාවකට මාරාන්තික ලෙස වෙඩි වැදීමේ සිදුවීමට අදාළව හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරයි.
  9. වසර 111 ක් පැරණි සුරාබදු අඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි – එය කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත්කරුට උපදෙස් දෙයි.
  10. 2023 වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ලබා දෙන තරඟ ගාස්තුව, එක් ක්‍රීඩිකාවකට ඇ.ඩො. 250 සිට ඇ.ඩො. 750 දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරයි – ඊට අමතරව, සෑම ක්‍රීඩිකාවකටම ජයග්‍රාහී ප්‍රසාද දීමනාවක් ලෙස ඇ.ඩො. 250 ක අමතර මුදලක් ලබා දීමට ද කටයුතු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan