විදුලි අර්බුදයට ජනතාව වගකිව යුතුයි මහින්ද නැවත ජනාධිපති වුණා නං අර්බුදයක් නෑ – සේමසිංහ

Date:

අද දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ 2015 ජනාධිපතිවරණයේදී ජනතාව ගත් වැරදි තීන්දුව නිසා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා යළිත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ නම් අනාගත විදුලි ඉල්ලුමට සරිලන බලාගාර ස්ථාපිත කරන බවයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව බලයට පත් වූ යහපාලන ආණ්ඩුව අනාගත විදුලි ඉල්ලුම පිළිබඳව සලකා බලා අවශ්‍ය විදුලි බලාගාර ස්ථාපිත කිරීමට කටයුතු නොකළ බවත්, අද ඔවුන්ම වත්මන් ආණ්ඩුවට චෝදනා කරන බවත් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දිගින් දිගටම නව බලාගාර ස්ථාපිත කරමින් විදුලි ඉල්ලුම සපුරාලීමට කටයුතු කළ නමුත් 2015 වසරේ සිට එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වූ බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...