නීතිපති ගැන අපිට ලැජ්ජයි – කාදිනල් හිමි (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්‍රියාත්මක කරගත නොහැකි නීතිපතිවරයා දැන් කරමින් සිටින්නේ එම ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

නීතිපතිවරයාට එවැනි අයිතියක් නැති බවයි කාදිනල් සඳහන් කළේ.

නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ දේශපාලන ලෝකයේ සිටින අයගේ වුවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කිරීමට නොව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට බව උන්වහන්සේ කියාසිටියහ.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබෙන අවස්ථාවක පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පතන බවයි කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...