නීතිපති ගැන අපිට ලැජ්ජයි – කාදිනල් හිමි (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිසම් වාර්තාවල අවසන් නිර්දේශ ක්‍රියාත්මක කරගත නොහැකි නීතිපතිවරයා දැන් කරමින් සිටින්නේ එම ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගැනීම බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

නීතිපතිවරයාට එවැනි අයිතියක් නැති බවයි කාදිනල් සඳහන් කළේ.

නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ දේශපාලන ලෝකයේ සිටින අයගේ වුවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කිරීමට නොව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට බව උන්වහන්සේ කියාසිටියහ.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබෙන අවස්ථාවක පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පතන බවයි කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...