මේක විහිළු සපයපු වැඩවර්ජනයක්.ඕකෙන් ලැබෙන දෙයක් නැහැ – වෛද්‍ය බෙල්ලන (VIDEO)

දින 09ක් පුරා පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයින් විසින් ගෙන ගිය වැඩවර්ජනයෙන් අවසානයේ සිදුවූයේ විහිළු සැපයීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

ඒ, අද (15) දිනයේත් මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දින 09ක් පුරා ජනතාව පීඩාවට පත්කර අවසානයේ අමාත්‍යවරයා විසින් ලබාදෙන ලියවිල්ලක් හමුවේ වැඩවර්ජනය නතර කරන බවයි බෙල්ලන මහතා කියාසිටියේ.

”ඇමතිතුමා ඕන ලියවිල්ලක් දෙයි. හැබැයි ප්‍රතිපත්ති තීරණ ගන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, සැලසුම්කරණ අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය. භාණ්ඩාගාරයට මුදල් වැඩි කිරීමේ බලයක් හැකියාවක් නැත්නම් ඊට පහළින් ඉන්න බලධාරීන්ගෙන් ලියුම් අරගත්තත් වැඩක් නැහැ. අපිට මේකෙන් ඔප්පුකරන දේ තමයි මේ වෘත්තීය සමිති කරන්නේ ප්‍රෝඩාවක් කියන එක. මම හිතන්නේ වෘත්තීය සමිති සාමාජිකයෝ මේ ලියුම් කෑල්ලෙන් වැඩවර්ජනයෙන් ඉවත් වුණාට පස්සේ තව මාසයක් දෙකක යද්දී කලපනාකරන්න පටන්ගත්තොත් හොඳයි අනේ මොනවද මේ ලෙඩ්ඩුන්ව මරල ලබාගත්ත ජයග්‍රහණ කියල. මේක පිටුපස්සේ තියෙන්නේ සැබෑ වෘත්තීය අරගලයක් නෙවෙයි. අවසානයේ ගොනාට අන්දපු සාමාජිකත්වයක් හරහා දේශපාලනික න්‍යාය පත්‍රයකට වැඩකරන වෘත්තීය සමිති නායකයන් හට මෙය කරන්න ලැබුණා. නමුත් අවසානයේ කිසිදු මූල්‍යමය වරප්‍රසාදයක් මේ වැඩවර්ජන වලින් අත්වෙන්නේ නැහැ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...