*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අධිකරණයට අපහාස කිරීම: විරෝධය මැද SLTDA කිමාලි විදෙස්ගත වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ මෝසම හකුලා ගනී!

අධිකරණය අපහාස කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු විදෙස්ගත වීමේ අවශ්‍යතාවයක් ඇති බව සඳහන් කරමින් අදාළ නඩුකරය පවතින දිනයට අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමට සිය නීතීඥයන් හරහා ඉදිරිපත් කළ මෝසම ඉල්ලා අස්කර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ඉකුත් පෙබරවාරි 14 වන දිනයි.

මේ සම්බන්ධයෙන් අන්තර් පාර්ශවීය විමර්ශනයකට අනුව ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය කටයුතු කළ අතර, ප්‍රශ්නගත ඉඩමකට අදාළව කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් කඩ කිරීමේ චෝදනාව මත අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින සංචාරක සංවර්ධන අධිකාරිය, එහි සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මික විජේසිංහ සහ එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියක වන අනෝමා නන්දනී යන අයට සිතාසි නිකුත් කිරීමේ නියෝගයක් මත මෙය සිදුවිය.

අධිකරණයට අපහාස කිරීමේ සිතාසි යළි නිකුත් කිරීම අනුව, SLTDA සභාපතිනිය ඈට විදෙස්ගත වීම සඳහා විමර්ශන දිනය සංශෝධනය කරන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් කළ අතර, මීට පැමිණිලිකාර පාර්ශවය දැඩි විරෝධය පාන්නට විය. ඔවුන් පෙන්වා දුන්නේ, අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබි SLTDA සභාපතිනියට සිතාසි නිකුත් කර තිබියදීත් අවස්ථා කිහිපයකදී ම අධිකරණය හමුවේ පෙනී නොසිටීම බරපතල වරදක් බවත්, මේ වන විටත් දිසා අධිකරණය විසින් ඒ පිළිබඳව සඳහන් කර තිබියදී මෙලෙස අධිකරණය මඟහැර යාමට අවස්ථාව ලබා නොදිය යුතු බවත් ය.

ඒ අනුව, SLTDA සභාපතිනිය අධිකරණය මඟහැර යාමට උත්සාහ දරන බවට පැමිණිලිකාර පාර්ශවය තර්ක කළේය.

අදාළ නඩුකරය ඉකුත් 10 වන දින කැඳවූ විට SLTDA සභාපතිනිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, පැමිණිලිකාර පාර්ශවය පෙන්වා දුන්නේ චූදිතයන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිට මෙවැනි ඉල්ලීමක් කිරීමට විත්ති පාර්ශවයේ නීතීඥයන්ට නීතියේ ප්‍රතිපාදන නොමැති බව ය. නඩුකරය යළි පෙබරවාරි 14 වන කැඳවූ අතර, එදින ද SLTDA සභාපතිනිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, නීතීඥ සනත් විජේවර්ධන ගේ උපදෙස් මත විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, අධිකරණයට අපහාස කිරීමේ විමර්ශනයට පෙනී සිටීමට SLTDA සභාපතිනියට නොහැකි බවත්, එයට හේතුව ඇය විදෙස් ගත වීමට නියමිත බවත් අධිකරණය හමුවේ පවසා සිටියේය.

පැමිණිලිකාර පාර්ශවය වන ලංකා රියල්ටි ලෙෂර්ස් සමාගම වෙනුවෙන් නීතීඥ ජූලියන් ප්‍රතීප් ගේ උපදෙස් මත නීතීඥ නිෂාන් ප්‍රේමතිරත්න සමඟ නීතීඥ ප්‍රවී කරුණාරත්න සහ නීතීඥ විකුම් ජයසිංහ යන අය පෙනී සිටියහ.

ඒ අනුව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, එහි සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මික විජේසිංහ සහ සහ අතිරේක ජනරාල්වරියක වන අනෝමා නන්දනී යන අයට ලබන මාර්තු 16 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan