*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහළ වැටේ !

ඊයේ (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි.

දින 91 – 9.79%

දින 182 – 9.82%

දින 364 – 10.02%

පෙරේදා (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා අනුපාතිකයකටයි.

2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කර – 10.81%

2028 දෙසැම්බර් 15 කල් පිරෙන 11.50 කූපන් බැඳුම්කර – 11.90%

ඉහත 2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කරය එහි කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු ඵලදා අනුපාතිකයකට අලෙවි වීම විශේෂත්වයක්. ඒ අනුව, රුපියල් 100ක බැඳුම්කරයක් වෙනුවෙන් රජයට ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. ආර්ථික අර්බුදය පැවති පසුගිය කාලය පුරාම සිදු වුනේ එහි අනෙක් පැත්තයි.

මීට අමතරව, කාලයකට පසුව, මාස 6 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය වන 10% මට්ටමෙන් පහතට වැටී තිබෙනවා.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan