අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එම අයදුම්පත්‍ර මාසයක කාලයක් භාරගැනීමට සූදානම් බවද පැවසේ.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රතිලාභ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා බලා ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකයන්ට යටත්ව පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවයි.

අයදුම්කරුවන්ට හිමිවන ලකුණු සංඛ්‍යාව අනුව සුදුසුකම් ලැබිම සිදුවන අතර, විරෝධතා සහ අභියාචනා සලකා බැලීම් 90%කින් අවසන් කර ඇති අතර, මෙතෙක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා සිටි පුද්ගලයින් 9122 දෙදෙනෙකු නුසුදුස්සන් බවට පත්ව තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...