ඇමරිකාවේ කැන්සාස් නගරයේ වෙඩි තැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 21 දෙනෙකුට තුවාල සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

කැන්සාස් පාපන්දු කණ්ඩායම ඇමරිකා ජාතික පාපන්දු ශූරතාව දිනා ගැනීමත් සමඟ එම නගරයේ ජනතාව සතුට සැමරීමට සංවිධාන කළ පෙලපාලියකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

තුවාල ලැබුවන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

එමෙන්ම තුවාල ලැබූවන් අතර ළමුන් නව දෙනෙකු සිටින බව ද ප්‍රාදේශීය රෝහල් වාර්තා සඳහන් කරන අතර, වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.

කැන්සාස් නගරයේ දුම්රිය ස්ථානය වන යුනියන් ස්ටේෂන් ප්‍රදේශයට බටහිර දෙසින් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර පොලිස් නිලධාරීන් 800 කට වැඩි පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුනු බව සඳහන් වේ.

මේ වන විට සිද්ධිය පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...