ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට ස්ථීර පොලිස් මුරපොළක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට ස්ථීර පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීම අද සිදුකෙරුණී.

එම අවස්ථාවට සහභාගී වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසූවේ, රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

කුඩු සලිදු නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ ප්‍රධානම ගෝලයා ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අද අළුයම මෙරටට රැගෙන ආ බව ද වැඩබලන පොලිස්පතිවරයා එහිදී පැවසීය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...