ජපානයේ ආර්ථිකය අන්පේක්ෂිත ලෙස හැකිලෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට ජපානය මුහුණ දී තිබෙන බව එරට මාධ්‍ය පවසයි.

ජපානය අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට ඇද වැටී ඇත්තේ එහි ආර්ථිකය අඛණ්ඩව දෙවරක් දෙකක් හැකිලීමෙන් පසුවයි.

රටේ දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව 2023 අවසන් මාස තුන තුළ බලාපොරොත්තු වූවාට වඩා නරක ලෙස 0.4%කින් හැකිලී ගොස් තිබෙන බව පැවසේ.

එය සිදුව තිබෙන්නේ පෙර කාර්තුවේ ආර්ථිකය 3.3% කින් හැකිලීමෙන් පසුවයි.

ජපාන කැබිනට් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ජර්මනියේ ආර්ථික වර්ධනයත් සමඟ ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස ජපානයට හිමි ස්ථානය අහිමි වී ඇති බවයි. ජපාන බැංකුව 2016 දී වියදම් සහ ආයෝජන ඉහළ නැංවීමට උත්සාහ කළ අතර සෘණ පොලී අනුපාතයක් හඳුන්වා දී ඇත.

ඒ හේතුවෙන් ගෝලීය ආයෝජකයින් සඳහා ආකර්ශනය අඩු වූ අතර මුදල්වල අගය පහළ යාමක් පෙන්නුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...