බදුල්ලේ වායුගෝලය නරක අතට, ජනතාව ප්‍රවේශමෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): දිවයිනට හමා එන සුළං සමග කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කය පුරා වායුගෝලයේ ව්‍යාප්ත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

ඔහු දැනුම් දෙන්නේ, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට එය බලපාන බැවින් ජනතාවට ප්‍රවේශමෙන් සිටින ලෙසයි.

පසුගිය දින දෙක තුළ මෙන්ම අදත් (15) බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටම ට වඩා (Air quality index) වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා පැතිර පවතින බවත්, එය ජනතාවගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයට බලපෑම් කරන බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය,

විශේෂයෙන් ශ්වසන රෝග, ශ්වසන ආබාධ ඇති අය මෙන්ම වයෝවෘද්ධ , වැඩිහිටියන් ඔවුන්ගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු බවද පැවසේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි හෙයින් මුඛ ආවරණ පැලදීම, විවෘත පරිසරය තුළ සිටීමෙන් වැළකී සිටීම තුළින් මේ තත්ත්වයෙන් මිදීමට හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...