පුංචි පුංචි කෙනිත්තිලිවලින් මේ ආණ්ඩුව වට්ටන්න බෑ. ඉදිරි අවුරුදු 15ම පාලනය කරන්නේ අපිම තමයි – ඇමති TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැය ඉතිහාසයේ පළමු වරට දුප්පත් ජනතාව වෙනුවෙන් සකස් කළ අයවැය බවට පත්කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“ඔය පුංචි පුංචි කෑලි අල්ලගෙන එක්කො බොත්තමක ප්‍රශ්නයක්, එහෙම නැත්නම් හැරුණ එකේ ප්‍රශ්නයක්, බිම බලාගෙන ගිය එකේ ප්‍රශ්නයක්, ඔය වගේ මොනවාහරි පුංචි කෑලි අපිට කියන්නෙ. අපිට නෑ මහබැංකු කඩපු හොරු කියලා කියන්න අපිට බෑ. මේ ආණ්ඩුව ඔය පුංචි පුංචි කෙනිත්තිලි වලින් වට්ටන්න බෑ. මේ ආණ්ඩුව මේ අවුරුදු 5 විතරක් නෙවෙයි, ඉදිරි අවුරුදු 15 ම පාලනය කරන්නේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. මෙවර අයවැය ලේඛනය බලන්න, ඉතිහාසයේ පළවෙනි වතාවට දුප්පත් ජනතාව වෙනුවෙන් හදන පළමු අයවැය ලේඛනය බවට මෙවර අයවැය ලේඛනය පත් කරනවා අපෙ ආණ්ඩුව”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලගංවිල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...