*
Thursday, February 20, 2025
spot_img

Latest Posts

ඕවා තුට්ටු දෙකේ වැඩ. පාර්ලිමේන්තු යන්නේ උපාධි සහතික පෙන්නන්න නෙවෙයි – PHD ගැන අහද්දී රන්වල කියයි !

සටහන – රුවන් නෙළුගොල්ල

අශෝක සපුමල් රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියේ සඳහන් කර තිබුණේ තමන් ආචාර්ය උපාධිය ලබාගත් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයෙන් එම උපාධි සහතිකය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් එය ඉදිරියේදී ජනතාවට ඉදිරිපත් කරන බවත් ය. මේ වනවිට මාස දෙකක් ගතවී ඇති බැවින් එම සහතිකය පිළිබඳ තත්වය කුමක්දැයි විමසීමේදී ඔහු ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.

“ඇත්තෙන්ම ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මම කථානායක ධුරයට පත්කළේ අපේ පක්ෂයේ වගකීමක් අනුව. එතනදී ඉතාමත් තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරයක් ආවා දෙසැම්බර් 17. මේ රටේ පාසල් දරුවන්ගේ පොත් සම්බන්ධව, ඇඳුම් සම්බන්ධව තීන්දු ගන්න සැසියක්. අඩු ආදායම්ලාභීන්ගේ අස්වැසුම 17500ක් දක්වා වැඩිකරලා සහනයක් දෙන අවස්ථාවක්. ඒක මඟහැරුණා නම් ඒ අවස්ථාවේදී ඉතාමත් බරපතළ තත්වයකට ඒ අදාළ ප්‍රජාව මුහුණ දෙනවා. පාර්ලිමේන්තුව තුළ මේ තත්වය අවුල් කරන්න සැලසුම්සහගත ක්‍රියාවලියක් දියත් වෙන්න පටන් ගත්තා. ඇත්තටම කථානායක ධුරය ගැන ප්‍රශ්න කරනවා නම් බහුතරයකින් ඒක අපට දිනන්න පුළුවන්. හැබැයි මට පැවරුණු ප්‍රධාන වගකීමක් තමයි මේ සභාව සමබරව පවත්වාගෙන ගිහිල්ලා සභාව තුළ ආරවුලක් වෙන්න දෙන්නෙ නැතිව බේරාගන්න එක. ඒකෙදි මම නිසා ආරවුලක් ඇතිවෙන්න ගියා නම් සභාව ඇතුළෙදි ඒක අපෙ බහුතරයෙන් පරාද කළාට බොහෝ දේවල් අහිමි වෙනවා මේ රටේ ජනතාවට. ජනවාරි 01 ඉඳන් දරුවන්ට පාසල් පොත් අවශ්‍යයයි, පාසල් නිල ඇඳුම් දෙන්න ඕන, අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් දෙන්න ඕන. ඒක නිසා ඒ වෙලාවෙදී මට පැවරුණු වගකීම තමයි සභාව සමබර කරගෙන අරන් යන එක. මම නිසාම මගේ ප්‍රශ්නයක් මුල්කරගෙන, ඒක ජනතාවට සන්නිවේදනය වුණත් නැතත් විවිධ මාධ්‍ය හරහා මේක දේශපාලන වාසියක් බවට පරිවර්තනය කරගෙන ඒක නිසාම පාර්ලිමේන්තුව ඇතුළෙ කාලගෝට්ටියක් බවට පරිවර්තනය කරගන්න හදනවා නම්, මම අයින් වුණාම ඒක හරියනවා නම් ඒක තමයි මම කරන්න ඕනෙ. ඕනෙම වගකීමක් අපි දරනවා වගේම ඒකෙදි මොනවාහරි ගැටලු සහගත තත්වයක් මතුවෙනවා නම් ඒකෙත් ඉවත් වීමත් අපි ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වුවමනවා වෙනුවෙන් තමයි මම ඉල්ලා අස්වුණේ. ඒක ඊට එහා ගිය දෙයක් බවට පරිවර්තනය කරගන්නෙ නෑ. මම එක එක්කෙනාට එක එක දේවල් ප්‍රදර්ශනය කරන්නෙ නෑ, මට මේවා තියෙනවා කියලා මම කියලාත් නෑ, කියන්න ඕනෙත් නෑ මට. ඒවා පදනම්ව මාධ්‍ය හරහා පදනම්ව මම මගේ දේශපාලනය කරලාත් නෑ, ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි මාධ්‍යයේ මොනවා නැතිවුණත් මට මොන තරම් තර්ජන ගර්ජන ආවත් මට පැවරිලා තියෙන වගකීම ඉතාමත් ඉහළින් ඉෂ්ට කරනවා”

ප්‍රශ්නය – ඔබ හිතන්නෙ නැද්ද ජාතික ජන බලවේග ආණ්ඩුව ආරම්භයේදීම ඔබ නිසා කළු පැල්ලමක් එකතුවුණා කියලා ?

“එහෙම හිතනවා නම් ඒක සම්බන්ධයෙන් කණගාටු වෙනවා. ඒක නිවැරදි කරගන්න මගෙ පැත්තෙන් කරන්න පුළුවන් සියලුම ක්‍රියාවලියන් කරනවා”

ප්‍රශ්නය – ඔබතුමා ඉල්ලා අස්වන බව සඳහන් ලිපියේ සඳහන් කර තිබුණා ජනතාවට ඉදිරිපත් කරනවා කියලා ඔබතුමාගේ ආචාර්ය උපාධිය පිළිබඳ තත්වය. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ඔබතුමා නැවත ජපානයට ගිහිල්ලා තියෙනවාද, ඒ විශ්වවිද්‍යාලයෙන් අවශ්‍ය සහතික පත් ඉල්ලලා තියෙනවාද, මොකක්ද තත්වය ?

“මම නැවත නැවතත් කියන්නේ …. ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක්ද කියන්නකො ? ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය ?”

ප්‍රශ්නය – ඔබතුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් සහතික ?

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවාද ? ඒ සම්ප්‍රදාය මොකක්ද ? ඕවා තුට්ටු දෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගෙ සහතික පෙන්නන්න නෙවෙයි. හරිද ? ඒක නෙවෙයි ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නෙ පාර්ලිමේන්තුවේ. නමුත් අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා, ඒකට මැදිහත් වෙනවා, ඒකට අවශ්‍ය දේවල් ඉදිරිපත් කරනවා, ඒ සම්බන්ධව කිසි ගැටලුවක් නෑ, අපි කරගෙන යනවා වැඩ ටික”

අශෝක සපුමල් රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ BBC සිංහල මාධ්‍ය ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan