*
Thursday, February 20, 2025
spot_img

Latest Posts

ක්‍රීඩාවන් නොදන්න නොසළකන පාර්ලිමේන්තුව….

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 16,(LNW)කොළඹ :

ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් තුළ ඇති උනන්දුව සහ වගකීම බිංදුවට වඩා අඩු වුණොත් මිස බිංදුවක්වත් නැති තරම්ය.විශාල මුදලක් ගැවසෙන තැනක් වන ක්‍රිකට් ක්‍රීඩාව ගැනනම් නැති ප්‍රශ්න හදාගෙන කතා කරත් සෙසු ක්‍රීඩාවන් හි ප්‍රගතිය ගැන අර්බූද ගැන එදා පාර්ලිමේන්තු විපක්ෂය කතා කළේ නැහැ වගේම අද ද නැති බව පැහැදිළිය.
ක්‍රිකට් හී ඇති මුදල් සහ දේශපාලකයින් ගණන් නොගැනීම නිසා ක්‍රිකට් සමඟ තොරතුරු නිර්මාණය කරමින් පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට යමෙක් උත්සාහ දරනු පෙණෙයි.ඒත් සෙසු ක්‍රීඩාවන්වල එවැනි මුදලක් නොගැවසෙන නිසා ද,ඒවා මොන තරම් ජාතික වටිනාකමක් සහිත ජයග්‍රහණ ගෙනාවත් වැඩි ජනප්‍රියතාවක් නැති නිසාද කිසිවෙකු එම ක්‍රීඩා ගැන අවධානය යොමු නොකරන තරම්ය.


පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුව ක්‍රිකට් හැරෙන්නට වෙනත් ක්‍රීඩාවක් ගැන කතා කර නැති තරම්ය.සමහර විට සමහර ක්‍රීඩාවල පාර්ලිමේන්තු නියෝජිතයෝම සිටිය ද,දේශපාලන වශයෙන් ප්‍රතිවාදීන්ට පහරක් ගසන්නට හෝ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ක්‍රීඩාව ගැන කතා කළ අවස්ථාවන් අඩුය.ඒ නිසාම අප කාලයක සිට කියන්නේ ජාතික ක්‍රීඩා සභාව වැනි ජාතිකමය වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීමට සහ මඟ පෙන්වීමට අවශ්‍යය කාරණාවලදි ක්‍රීඩාවට වගකියන පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍යය බවය.එහිදී අසාධාරණකම් ක්‍රිඩාවේ නියැලි පිරිසට නොවෙන්නට ඇති ඉඩ සාපේක්ෂව වැඩිය.


උදාහරණයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් එවකට පාර්ලිමේන්තුවේ සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හැරෙන්නට සියල්ල කොන්වීමට බයේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විරුද්ධ විය.ඊට හේතුව වුණේ ඇතැම් ගිණුම් සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිළි කිරීමක් අවශ්‍යය බව විගනකාධිපති වාර්තාවෙන් පැමිණීමය.එවකට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ඔහු ළඟ සිටි ඇරියස්කරුවන් ද,පාර්ලිමේන්තුවේ සිටින ඇතැමුන් තුළ තිබුණු තමන් පිළිබඳ අපේක්ෂිත ගරු කිරීමක් ක්‍රිකට්වලින් නොලැබීම වැනි කරුණු පදනම් කරගෙන පාර්ලිමේන්තුවෙන් සුවිශාල විරෝධයක් සම්මත විය.
එහෙත් පාර්ලිමේන්තු තීරණයට අනුව කටයුතු කිරීම වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා කළේ,වෙනත් පුද්ගලයෙකුගේ නායකත්වයෙන් යුත් පරිපාලන ඒකකයක් පත් කිරීමය.ඒ වන විට ක්‍රිකට් හී සැක සහිත මූල්‍යමය ගණුදෙනු අයිසීසී ප්‍රතිපත්තිවලට එකඟ බව ද පිළිගෙන තිබුණු හෙයින් අමාත්‍යවරයාට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකරණයට ගියේය.අධිකරණයේ තීරණය මෙන්ම අයිසීසී තීරණය ද වූයේ දේශපාලන බලපෑමක් එල් වී බවය.ශ්‍රී ලංකාවට තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය අහිමි විය.
මේ හැරෙන්නට පාර්ලිමේන්තුවට වැදගත් නොවුණු සහ සාකච්ඡාවට සහ අවධානයට නොගත් කාරණා අතර විශේෂයෙන් මලල ක්‍රීඩාව පදනම් කරගෙන වීසා ගැටළු මතුවීම පාර්ලිමේන්තුවේ කතාවට නොගැණින.වැඩි බරක් දෙමින් කල් ඇතුව සොයා බලා කතා කළානම් බොහෝ විට ගෙවුණු පිරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම පෙරළිකාර කණ්ඩායමක් වන්නට ද තිබිණ.වීසා ගැටළු මතු වීම මෙන්ම සමහර අවස්ථාවල එවතට ක්‍රීඩා ඇමතිවරයාගේ උපදේශක සභාව තමන්ගේ අතේ වියදමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ වගකීම් ගෙන සංචාරවලට සහභාගිවන නිලධාරීන්ට වාරණ පැනවීම ද විශාල ගැටළුවක් විය.ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රෙය් බොහෝ අයට මෙන්ම ඒ තත්ත්වය නිසා සහභාගි වන ක්‍රීඩකයන්ටත් ගැටළු මතු කරන සිඳුවීම් ක්‍රීඩාවට බලපෑවා විනා ඒවා පාර්ලිමේන්තුවේ කතා වුණේ නැත.ක්‍රිකට් මෙන්ම තවත් ක්‍රීඩා දෙකක් වන රග්බි සහ පාපන්දු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ද විශාල ගැටළු ඇති වී සමහර දේ තවමත් නො‘විසඳි තිබුණත් පාර්ලිමේන්තුව ඒවා සම්බන්ධ දන්න් නැතුව හෝ නොතකන තත්ත්වයක් ඇත.


මේ වර්ෂය දක්වා මේ මොහොත වන විටත් රගර් ක්‍රීඩාව ගැන, ඒ උනන්දු නොවීම පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ අධිකරණ තීරණවලටත් ඉහළින් ජාත්‍යන්තර සහ කළාපීය සංගම්වල න්‍යාය පත්‍ර අනුව වැඩ කරන ශ්‍රි ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම විදේශ පරිපාලනද කරන අනවශ්‍ය මැදිහත් වීම මෙන්ම බලපෑම වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ කතා කර නැත.තාජුඩීන්නම් වන සුපිරි රගර් ක්‍රීඩකයා ගැන වෙනත් දේශපාලන අදහසකින් බැලුවත්,වාසි සඳහා යොදා ගැණුනද,මේ සියල්ල ගැන ඇඟිළි දිගුවන රාජපක්ෂ පාලනයේම දිගුවක, ශ්‍රී ලංකා රගර් ඔවුන්ට ඇවසි සේ හසුරුවන සරුංගලවලට ඉඩ දෙමින් ක්‍රියාවට නැඟෙමින් පවතී.


ඒ අතර ප්‍රසිද්ධ වේදිකාවල පවා අනුර – මලික් සබඳතා ගැන චෝදනා එල්ල වී ඇති තත්ත්වයක, ප්‍රියන්ත ඒකනායක වැනි වරදක් මතුපිටින් පෙනෙන්නට නැති,එහෙත් සුවිශාල වැරදි සිඳුවන මොහොතක,රගර්වල ප්‍රධාන විධායක තනතුර හෙබවීමට ගෙන ඒම සදාචාරසම්පන්න නැත.අප්‍රකට රහස්වල කියැවෙන්නේ එය ක්‍රීඩා ඇමතිතුමාට ද ඉහළින් පාත් වූ කරදරයක් වී ඇති බවය.


එසේම ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරීම ජාතික වාර්තාව උසුලන රුමේෂ් තරංගට ද මේ වසරේ වීසා නොලැබිණ.ඒ නිසා පාර්ලිමේන්තු කාරක සභාවක් ක්‍රීඩාව වෙනුවෙන් පත් කිරීම වැදගත් වනු ඇත.ඒවා සමූහයක් හැටියට පක්ෂ විපක්ෂ ලෙස එකතු වී අලුත් සැළසුම් සහගත ගමණකට පාර විවෘත කළ හැකිය.එහෙත් සමස්ත ක්‍රීඩාවම (ක්‍රිකට් හැර) ආර්ථික වශයෙන් හෙම්බත්ව,අන්තයට වැටෙන තත්ත්වයන් තිබියදී පාර්ලිමේන්තුව ජාතික වගකීමක් ලෙස ගෙන ඒ සම්බන්ධයෙන් නිශ්චිත මැදිහත්වීමක් සළකුණු කළ යුතුය.


මෙ සිඳුවෙමින් තිබෙන සියල්ලට ක්‍රීඩා අමාත්‍යවරයා පළි නැත.ඔහුව යම් යම් රාජ්‍ය නිලධාරීන් වැරදි වැඩ සඳහා නොදැන මෙහෙයවනව‍ා වන්නට ද ඉඩ ඇත.එහෙත් රටේ ක්‍රීඩාව ක්‍රීඩා ඇමතිවරයාගේ නොව,සියලු පුරවැසියන්ගේය.ඒ පුරවැසියන් ඡන්දය දුන්න ද නැද්ද මේ ආණ්ඩුව ඔවුන්ගේ ජීවිතවලට වැඩ කරන්නට බැදී සිටින්නේය.එසේම පාර්ලිමේන්තුවේ සිටින සෑම මහජන නියෝජිතයෙක්මත් තමන්ට ඡන්දය දුන්න පමණක් නොව රටේ සෑම පුරවැසියෙකුගේම මේ මොහොත මෙන්ම ඉදිරි මොහොතද සාර්ථක කර ගන්න බැදී සිටින්නේය.ළමයින්ට හෙණ ඉල්ලන විදිහේ වැඩ ක්‍රීඩාවේ අනාගතයට ඉතිරි වෙනවා කියන්නේ ආණ්ඩුව,ආණ්ඩුවේ ඇමති පමණක් නොව මහජන නියෝජිතයන් පක් කර ඇරිය සියල්ලම පක්ෂ විපක්ෂ ලෙස වගකිව යුතු කාලයක්ය.


ක්‍රිඩාවක් ජාතික වශයෙන් අසාධාරණයට ලක් වෙනවානම්,වගකීම් ඉටු නොකරනවානම් සහ නීතිගරුක නොවෙනවානම් එයට රටේ මහජන නියෝජිතයන් මැදිහත් විය යුතුය.ඒවාට පක්ෂ විපක්ෂ කියා බෙදීමක් නැත.මහජන නියෝජිතයා ඊට වගකීමෙන් බැදී සිටිය යුතුය.ඒ නිසා විපක්ෂය සියල්ල කතා කර ක්‍රීඩාව ගැන නිරන්තරයෙන් මැදිහත්වීමක් නොකරන්නේනම් ඔවුන්ට තව දුරටත් වන්නේ ජාතික වශයෙන් වටිනාකමක් ක්‍රීඩාවේ අනාගතයට ඉතිරි නොකිරීමය.
ඒ නිසා සමස්ත පාර්ලිමේන්තුවම ක්‍රීඩාවේ අසාර්ථකත්වයේ පිළිඹිබුවක්ය.ඔවුන් දන්නේ සහ කතා කරන්නේ සියයට 99 ට ත් වඩා ක්‍රිකට් ගැනය. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිව යුතුව ඇත්තේ ක්‍රීඩාව, සෙල්ලමක් ලෙස සිතා බැහැර නොකරන ලෙසය.එහි තිබෙන අසාමාන්‍ය මනුස්ස ජවයට, වේගයට අදාළව ඒවාට ප්‍රාන වායුව පිඹිය යුතුය.ක්‍රීඩාව වඩාත් විද්‍යාත්මක පසුබිමක සැකසෙන මනුස්ස ශරීරවල අපූර්වත්වයන් හරහා ජාතික වටිනාකම් රටට ගෙන එනු පිණිස සැකසි අත්‍යශ්‍යයම අංගයක් ලෙස සිතන්න යැයි පාර්ලිමේන්තුවට විශේෂ ආරාධනාවක්, අපි කරන්නෙමු!


පාර්ලිමේන්තුව පක්ෂ බේද නැතුව දක්ෂයන් රකින ක්‍රිඩාවන් දියුණු කරන්නට මඟ පෙන්වන මහජන නියෝජිතයන්ගෙන් පිරුණු තැනක් වන්නේනම් අපූරුය.අපි ඒ සොඳුර අදහසෙන් යුතුව බලා සිටින්නෙමු.!

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan