*
Monday, September 30, 2024
spot_img

Latest Posts

මහනුවර හෙලවෙයිද… තීරණය ඉරිදා

නිපොන් ජාතික රගර් ලීග් සූරතාවලියේ ඉකුත් වසරේ සූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විට මේ වසරේත් සිය සූරතාවය රැක ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගෙන අවසන්.ඔවුන් අවසන් තරගයට මේ ඉරිදා සිය ක්‍රීඩාංගණය වන නිත්තවෙලදීම, ලකුණු සටහනේ දෙවන තැන සිටින සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩකයින් මුණ ගැසෙන්නට නියමිතයි.මහනුවර අපරාජිතව මේ දක්වා ඉදිරියෙන් සිටින අතර සීආර් කණ්ඩායම ද පරාජය වී සිටින්නේ එක තරගයන් පමණයි.යම් ආකාරයකින් සීආර් කණ්ඩායම මේ තරගය ජය ගතහොත් කණ්ඩායම් දෙකේ ජය හා පරාජයන් සම වන නමුත් එහිදී මේ වන විටත් සිය ජයග්‍රහණවලින් මහනුවර එකතු කර ගෙන සිටින ප්‍රසාද ලකුණු නිසා සීආර් කණ්ඩායම ජයග්‍රහණය කළ යුත්තේ අති විශාල ලකුණු පරතරයකින්.එය සිතීමට අපහසු වුවත් ක්‍රීඩාවේ රමණීයත්වය රැදී සිටින්නේම අනපේක්ෂිත ජයග්‍රහණ සහ පරාජ අත් කර දෙන ක්‍රීඩා රටාවන්ට බැවින් මෙවර තරගාවලියේ සූරයන් තීරණය කරන මේ තරගයේ තරගකාරීත්වය රගර් ප්‍රේමීන්ගේ මනදොළ සපුරන තත්ත්වයට පත්වීම සියලු අපේක්ෂාවන් අතර පෙරමුණේ රැඳෙනු ඇත.


අවසාන සති අන්තයේදී මහනුවර ක්‍රීඩා සමාජයට මුණ ගැසුණේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වන අතර එහිදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඔවුන් පහසු ජයග්‍රහණයක් වාර්තා කළේ ලකුණු 29 – 8 ක් ලෙසයි.තරගාවලිය මුල ඉතා හොඳින් දක්ෂතා අතර සිටියත් තරගාවලියේ මැද භාගයේ සිට ක්‍රීඩා රටාවේ යම් බිඳ වැටීමකට මුහුණ දුන් හැව්ලොක්ස් කණ්ඩායම මේ සතියේ මෙවර තරගාවලියේ අවසාන තරගයට නාවික හමුදාව සමඟ ගැටෙන්නේ ජයග්‍රහණ හතරක් සහිතවයි.නාවික හමුදාව මේ වන විට ජයග්‍රහණ තුනක් ලබා සිටිනවා.

ඉකුත් සතියේ මහනුවරදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට තරගයේ මුල් අර්ධයේ ලබා ගන්නට හැකි වුණේ නිදහස් පහරකින් හිමි වූ ලකුණු තුනක් පමණයි.එම නිදහස් පහර සාර්ථක කර ගත්තේ සංදේශ් ජයවික්‍රමයි.තරගය නිමා වන්නට ආසන්නයේ රමේෂ් ප්‍රනාන්දු උත්සාහක දිණුමක් ලබා ගැනීමට සමත් වුණා.ප්‍රථම අර්ධයේ දී ලකුණු 19 – 3 ක් සේ ඉදිරියෙන් සිටි මහනුවර ක්‍රීඩා සමාජය දෙවන අර්ධයේදී තවත් ලකුණු 10 ක් එකතු කර ගන්නට සමත් වුණා.

මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව උත්සාහක දිණුම් හතරක් වාර්තා වුණා.දිනාල් ඒකනායක,වජීඩ් පවුමි,තරිඳු චතුරංග සහ දමිත් දිසානායක එම උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් වුණා.මහනුවර කණ්ඩායමේ ලකුණු යන්තරය වන තරින්ද රත්වත්ත එම උත්සාහ දිණුම් හතරෙන් තුනකම ප්‍රවර්ථන සාර්ථක කර දුන් අතර නිදහස් පහරක් ද නිසි ඉලක්කයට යොමු කරන්නට සමත් වුණා.ඒ හරහා මේ තරගයේදි ද මහනුවර කණ්ඩායමට වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමි කර දුන් ක්‍රීඩකයා ලෙස තරින්ද ලකුණු නවයක් හිමි කර ගත්තා.

නමුත් ඉකුත් සති අන්තයේ ලීග් තරගාවලියේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවක් වාර්තා වුණේ පළඟ සූරතාවය සඳහා පැවති තරගයකදී ගුවන් හමුදාවේ නුවන් පෙරේරා වෙතින්.ඔහු ප්‍රවර්ථන පහක් සහ නිදහස් පහර තුනක් මඟින් ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 19 ක් එකතු කරා.එසේම සීආර් කන්ඩායම වෙනුවෙන් චමෝද් මුතුනායක උථ්සාහක දිණුම් තුනක් ලබා ගනිමින් ලකුණු 15 ක් එකතු කරන්නට සමත් වුණා.තරින්ද මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු නවයකින් දැක් වූ දායකත්වය පෞද්ගලික වැඩිම ලකුණු ලේඛනයේ තිබෙන්නේ ඉන් අනතුරුවයි.
මේ සති අන්තරය උණුසුම් කරමින් නිත්තවෙල තිබෙන සුවිශේෂි තරගයට අමතරව සූරතාවය සඳහා තරග වදින කණ්ඩායම් වන හැව්ලොක්ස් සහ නාවික හමුදාව මුණ ගැසෙන්නේ හැව්ලොක්ස් පිටියේදී යි.ඒ පෙබරවාරි 18 වන සෙනසුරාදා යි.සිකුරාදි පසුවරු 4.00 ට පොලිසිය සහ ගුවන් හමුදාව පොලිස් ක්‍රීඩා පිටියේදී හමුවන්නේ පළඟ සූරතාවය වෙනුවෙන්.යුද හමුදාව සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර තරගයත් සෙනසුරාදා පස්වරු 4.00 ට පනාගොඩ යුද හමුදා පිටියේදි පැවත්වෙන අතර ඊට පෙර එම ක්‍රීඩා පිටියේදි පස්වරු 2.45 ට නිපොන් ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලියේ අපරාජිතව දස්කම් දක්වමින් සිටින යුද හමුදා කාන්තා කණ්ඩායමට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම මුණ ගැසීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසාන භාගයේදී පිබිදුණ පොලිස් කණ්ඩායම මේ වන විට පළඟ සූරතාවයට විශාල බලපෑඹක් කරමින් සිටින අතර ඔවුන් සහ ගුවන් හමුදාව අතර ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය නිසා මේ සති අන්තයේ පොලිස් ක්‍රීඩාංගණයේ පැවත්වෙන පොිසිය සහ ගුවන් හමුදාව අතර තරගයද තියුණු මුහුණුවරක් ගැනීමට නියමිත රගර් ක්‍රීඩා ලෝලීන්ට ආකර්ශණිය තරග අත්දැකීමක් වනු ඇති බව නිසැකයි.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan