කණපිට හැරවුණු රට හොඳපිට හරවන්න දිලිත්ගෙන් වෑයමක් !

Date:

“ගොඩනැගෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ දැවැන්ත අභියෝගය ජයගන්නේ කෙසේද ?” මැයෙන් දීපව්‍යාප්තව පැවැත්වෙන දේශන මාලාවක් ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව, එහි නවතම පියවර වශයෙන් “සංචාරක කර්මාන්තයේ අනාගත අභියෝග සහ ජයග්‍රහණ” යන මාතෘකාව යටතේ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ හමුවක් පෙබරවාරි 18 වනදා කටුනායක ෆුල් මූන් ගාඩ්න් හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.

මෙය සංවිධානය කරනු ලබන්නේ “අරමුණ” සංවිධානය විසිනි. ශ්‍රී ලාංකිකයන් ආර්ථික සාමාජීය සහ බුද්ධිමය වශයෙන් උසස් සමාජයක් කරා මෙහෙයවීමට නායකත්වය දීම එම සංවිධානයේ දර්ශනය වන අතර

1) තරුණ ව්‍යවසායකයන් සහ දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගෙන යාමට සවියක් වීම.
2) සමාජ වෙළඳපොල ආර්ථිකය ප්‍රවර්ධනය තුළින් වෘත්තිකයන් බලගැන්වීම හා ගෝලීය ප්‍රවණතාවයන් හමුවේ “රට පෙරට” යනුවෙන් සිතන පරපුරක් බිහිකිරීම.
3) පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති පිළිබඳ කතිකාවතක් ගොඩ නගන බුද්ධිමය කවයක් ලෙස කටයුතු කිරීම.
4) දේශීය ව්‍යවසායකයන් මීළඟ දශකයේ අභියෝග සඳහා සූදානම් කිරීම.

යන කාර්යයන් ඔවුන්ගේ මෙහෙවර වශයෙන් දක්වා තිබේ.

ඇත්තෙන්ම මෙය කවුරුන් හෝ විසින් කණපිට හරවන ලද රටක් හොඳපිට හැරවීම සඳහා ගන්නා හොඳ වෑයමකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...