*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඖෂධ නිෂ්පාදන බැහැර කරලීම ලෝකයේ ගංගා දූෂණයට හේතුවක්

ඖෂධ සහ ඖෂධ නිෂ්පාදන බැහැර කරලීම නිසා ලෝකයේ ගංගා දූෂණය වීමෙන් “පාරිසරික හා ගෝලීය සෞඛ්‍යයට තර්ජනයක්” බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

පැරසිටමෝල්, නිකොටින්, කැෆේන් සහ අපස්මාරය සහ දියවැඩියා ඖෂධ මෙසේ බැහැර කරලීම දැඩි ජලාශ්‍රිත දුෂණයක් සිදු වන බවට යෝර්ක් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් අනාවරණය වි තිබේ.

මෙම අධ්‍යයන පර්යේෂණය ගෝලීය පරිමාණයෙන් සිදු කරන ලද්දකි.

පකිස්ථානයේ, බොලිවියාවේ සහ ඉතියෝපියාවේ ගංගා වඩාත් දූෂිත වී ඇත.

අයිස්ලන්තය, නෝර්වේ සහ ඇමේසන් වැසි වනාන්තරවල ගංගා හොඳම ගංඟා ලෙස හදුනාගෙන ඇත.

ගංගාවල බහුලව දක්නට ලැබෙන බොහෝ ඖෂධ සංයෝගවල බලපෑම තවමත් බොහෝ දුරට මහජනතාව නොදනී.මෙම බැහැරලන ඖෂධ වර්ග මසුන්ගේ වර්ධනයට හා මත්ස්‍ය ප්‍රජනනයට බලපෑම් කළ හැකි බව දැනටමත් තහවුරු වී ඇති අතර, ගංගාවල ප්‍රතිජීවක ඖෂධ මෙසේ වැඩි වීම නිසා ඒවායේ කාර්යක්ෂමතාව සීමා කළ හැකි බවට විද්‍යාඥයෝ අදහස් පල කරයි.

මෙම අධ්‍යයනය රටවල් 100කට අධික සංඛ්‍යාවක පරීක්ෂණ ස්ථාන 1000කට අධික සංඛ්‍යාවකින් ලබා ගත් ජලය සාම්පල් මගින් තහවුරු කරන ලද්දකි.

සමස්තයක් වශයෙන් ගත් කල, නියැදියට ලක්කල ගංඟා 258 න් හතරෙන් එකකට වඩා මෙසේ බැහැර කරන ලද ඖෂධ අපද්‍රව්‍ය ජලජ ජීවීන් සඳහා අනාරක්ෂිත යැයි සැලකෙන මට්ටමක පවතී.

අපස්මාරයට සහ ස්නායු වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන carbamazepine, මෙන්ම දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන metformin යන ඖෂධ වර්ග දෙක බහුලව මෙසේ ජලයට මුසුව ඇති බව අධ්‍යයනය තහවුරු කරයි.

කැෆේන් සහ නිකොටින් මෙන්ම වේදනා නාශක පැරසිටමෝල් වැනි ඉහළ සාන්ද්‍රණයන් ද මේ අතර,සොයා ගන්නා ලදී.

අප්‍රිකාවේ, artemisinin වැනි මැලේරියා මර්දන ඖෂධයන්ද මෙසේ සුලබව එමකලාපයන් තුල ජලාශයන්ට බැහැර කරන අපද්‍රව්‍ය වශයෙන් සොයා ගෙන තිබේ.

වඩාත්ම මෙසේ දූෂිත ජලාශ ආශ්‍රිත ස්ථාන ලෙස බොහෝ දුරට අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් හදුනාගෙන තිබේ.

දුර්වල අපජල කළමනාකරණය සහ ඖෂධ නිෂ්පාදන ඇති ප්‍රදේශවල මෙම තත්වය කැපි පෙනේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan