ෂෙහාන් මාලක අත්අඩංගුවට ගත්තෙ නීතිපති උපදෙස් මත – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

සමාජ ක්‍රියාකාරී ෂෙහාන් මාලක මහතා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මහත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුගිය වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ෂෙහාන් මාලක මහතා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ බවයි. ඉන් අනතුරුව එම විමර්ශනයට අදාල ලිපිගොනු නීතිපති උපදෙස් සඳහා යොමුකර තිබේ.

එම ලිපිගොනු අධ්‍යයනය කළ නීතිපතිවරයා, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ ෂෙහාන් මාලක මහතා වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජනවාරි 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ෂෙහාන් මාලක මහතා පසුව දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කෙරිණි. එම ඇප කොන්දේසි අනුව අධිකරණයේ අවසරයක් නොමැතිව ඔහුට රටින් පිටව යාමට නොහැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...