කෙහෙළිය උසාවි නොඑයි. 29 දක්වා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හිමියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධිය අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනා පෙබරවාරි 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඊයේ (15) දිනයේදී එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී සැකකරුවන් හයදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

වෛද්‍ය වාර්තාවක් අනුව හිටපු අමාත්‍යවරයාව ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව පැවසූ බන්ධනාගාර නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ පෙබරවාරි 22 වනදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවකි.

සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණය සඳහා නිසි සහයෝගයක් නොදැක්වූ, දැනට විදේශගතව සිටින, වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ජයනත් බුත්පිටිය මහතාව ලබන 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අදාළ නියෝගය ඔහුට ඊමේල් පණිවිඩයක් මගින් යොමුකරන ලෙසත් නියෝග කළා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...