*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

CPSTL දත්ත ලක්ෂ 13ක් මකාදමලා හෝ වෙනස් කරලා – වෝහාරික විගණනයෙන් එළිවෙයි !

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරිම්වලට අදාළව තොරතුරු ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කර ඇති බවට KPMG ආයතනය විසින් සිදු කළ වෝහාරික විගණනයෙන් අනාවරණය වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

2022 වසරේදී තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකෙරෙන මෙම වෝහාරික විගණනයේ මූලික සොයාගැනීම් පිළිබඳව ඊයේ (15) පස්වරුවේ තමන්ට දැනගැනීමට ලැබුණු අතර සම්පූර්ණ වාර්තාව ලබන සතියේදී තමන් වෙත ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙසේ දත්ත මකාදැමීම හෝ වෙනස් කිරීම 2010 වසරේ සිට සිදුව ඇති අතර ඉන්ධන අර්බුදයක් පැවති 2022 වසරේදී ඉන් බහුතරයක් සිදුව ඇති බවද ඇමැතිවරයා ට්විටර් පණිවිඩය මගින් ප්‍රකාශ කරයි.

එමෙන්ම 2022 වසරේ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවී ඇති බවද වෝහාරික විගණනයෙන් අනාවරණය වී ඇත.

2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුව ඇති බවත් මෙම වෝහාරික විගණනයේ දී හෙළිවී තිබේ.

මෙහි සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළැඹෙන සතියේදී කේ. පී . එම්. ජී. ආයතනය විසින් ලබාදීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊට අමතරව මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan