වසර 10 කින් රට සංවර්ධිත රාජ්‍යයක් වෙන්නෙ කොහොමද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 16 කොළඹ (LNW): ජාතික භෞතික සැලසුම පදනම්ව ක්‍රියාත්මක වන්නේ නම් වසර දහයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙනන්නේ, භෞතික සැලැස්මේ අරමුණු කිහිපයක් ඇති අතර සැලසුම් සහගත භෞතික සංවර්ධනය ඉන් ප්‍රමුඛ වන බවත්, සැලසුම් සහගත නොවීමෙන් ගැටළු රැසක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

ඒ හේතුවෙන් සැලසුම් සහගත භෞතික සංවර්ධනය දැඩි අවශ්‍යතාවක් බවට පත්වී තිබෙන බවත්, සංවිධිත භෞතික පරිසරය රටක ජීවත්වීමට උචිත ආර්ථික සමෘද්ධියක් සහ දේශපාලන ස්ථාවරත්වයක් සඳහා මග පෙන්වන සාධකයක් වන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව සුමේධ රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ සැලසුම් සහගත ක්‍රියාවලියට භෞතික සංවර්ධනය අත්‍යාවශ්‍ය අංගයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...