සුමන්දිරන්ට නව තනතුරක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පත්කර තිබේ.

ඊයේ (පෙබරවාරි 16) මඩකලපුව, කලවංචිකුඩි ප්‍රදේශයේදී පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී ගත් තීරණයක් අනුව මෙම පත්කිරීම සිදුකර ඇත.

මීට පෙර ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් ධුරයෙහි කටයුතු කළේ උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ පී. ඒ. සත්‍යලිංගම් මහතා වන අතර ඔහු මේ වනවිට අසනීප තත්වයෙන් පසුවන බැවින් වැඩබලන මහලේකම්වරයකු පත්කර ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...