*
Saturday, February 22, 2025
spot_img

Latest Posts

” Why Marx was right ? ” කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වෙයි!

විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ( RSU ) මගින් පරිවර්තනය කරන ලද Terry Eagleton ගේ ” මාක්ස් නිවැරදි ඇයි කෘතිය ජනගත කිරීම ඊයේ (16) දින පස්වරු 3.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ,

    " ටෙරී ඊගල්ටන් මහාචාර්යවරියගේ " Why Marx was right ? " කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වෙන මේ වෙලාව කියන්නේ මාක්ස්වාදය ගැඹුරින් සාකච්ඡා වෙන වගේම අධ්‍යනය කල යුතු වෙලාවක්. මාක්ස් නිවැරදියි කියලා අපි මේ මොහොතේ කියමින් ඉන්නේ ඇදහිල්ලක් හෝ භක්තියක් නිසා නෙවෙයි. මේ මොහොතේ සමාජය මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න විසඳන්න නම් මහාපරිමාණ ප්‍රාග්ධනයට අත තැබිය යුතුයි යන්න මාක්ස්වාදයේ මූලිකම ඉගැන්වීමක්. මාක්ස්වාදයේ එන ඒ මූලික පදනම අතහැර ගිහින් අපි මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ කියන එක නැවත නැවතත් තහවුරු වෙලා ඉවරයි.
             දැන් ලංකාවේ ආර්ථික න්‍යායාචාර්‍යවරු පහුගිය කාලේම උත්සහා කලා සහල් හිඟය සහ ඒ ආශ්‍රිතව ඇතිවුණ අර්බුදය නිෂ්පාදනයේ ප්‍රශ්නයක් කියලා පෙන්වන්න. ඔවුන්ට ඕන වුනේ ප්‍රමාණවත් නිශ්පාදනයක් නැති නිසා තමයි හිඟයක් නිර්මාණය වුනේ කියලා කියන්න. නෑ ඒක එහෙම නෙවෙයි ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් රට ඇතුලේ තිබුණා. එහෙනම් කොහොමද හිඟයක් ඇති වුණේ ? මෙතන තිබුණේ නිශ්පාදනයේ ප්‍රශ්නයක් නෙවෙයි. බෙදා හැරීම සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතාම පැහැදිලි මේ සහල් තොග වී තොග සඟවලා කෘතිම හිඟයක් නිර්මාණය කරමින් ඉන්නවා සුළු පිරිසක්. ඔවුන් සතුව තමයි රටේ දැවැන්තම සහල් මෝල් ටික තියෙන්නේ. ඒක තමයි මාක්ස් කිව්වේ නිශ්පාදනය සහ බෙදාහැරීම සමාජයේ යහපත වෙනුවෙන් නැවත ප්‍රතිසංවිධානය කළ යුතුයි කියලා. ලාභය වෙනුවෙන් කෘතිමව හිඟයන් නිර්මාණය කරන මහාපරිමාණ ප්‍රාග්ධනයට අත නොතියා ඒක කරන්න බෑ. 
           ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණය ලක්ෂ 58ක්. ඒ පනස් අට ලක්ෂයක් ගෙවල්වල කුස්සි ලක්ෂ 58ක අද රෑ ඉදෙන්න ඕන මොනවද කියලා එක ගෙදරක් විසින් තීරණය කරන්න පටන් අරගෙන තියනවා. ඒ බලය ඔව්න්ට ලැබිලා තියෙන්නේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය නිසා. මාක්ස් කිව්වත් නැත්තත් සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා ඒ ක්‍රමය වැරදී කියලා. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ තුලින් උත්සහා කලේ ප්‍රාග්ධනයට සහ ඒකාධිකාරයන්ට අත නොතියා ජනතාවට සහන ලබා දීමට. ඔවුන් මුල් කාලෙදි ඒ සඳහා සාධාරණ උත්සහයකුත් දැරුවා. හැබැයි ඒ සියලු උත්සහයන් අසාර්ථක වුනා. වී අස්වැන්න මිලදී ගැනීමේදී රාජ්‍ය පංගුව වැඩි කරලා මහ මෝල් හිමියෝ එක්ක හැප්පෙන්න පුලුවන් කියලා ආණ්ඩුව විස්වාස කලා. නමුත් දැන් සහල් මිලදී ගන්න ගියාට පස්සේ කවුරුවත් රජයට තමන්ගේ අස්වැන්න විකුණන්නේ නෑ. ආණ්ඩුව බලයට ආව ගමන් සඟවපු සහල් තොග එළියට ගන්න කියලා උපරිම සිල්ලර මිළ රුපියල් 10කින් වැඩි කලා. නමුත් හංගපු සහල් තොග වෙළඳපොළට ගෙන්වාගන්න දරපු ඒ උත්සහයත් අසාර්ථකයි. දැන් මෙතන වුන විහිළුව තමයි සහල් හැංඟුවේ මහ මෝල් හිමියෝ. හැබැයි පාරිභෝගිකයට තමයි දඬුවම ලැබුනේ. ඔහුගේ පර්ස් එකෙන් තමයි වැඩිපුර රුපියල් 10කට තට්ටු වෙන්නේ.

   මේකත් අසාර්ථක වුනාට පස්සේ රජය තීරණය කලා සහල් ආනයනය කරන්න. එතකොට කිව්වේ ආනයනික සහල් අඩු මිලට වෙළඳපොළේ විකිණෙද්දී හංගපු සහල් ඉබේම වෙළෙඳපොළට එයි කියලා. නමුත් වුනේ වෙන දෙයක්. ආනයනික සහල්වලට රුපියල් 65ක විශාල බද්දක් ගැහුවා. දැන් ආනයනික සහල්වත් වෙළෙඳපොළේ අඩු මිලට ගන්න නෑ. මේකෙන් ලංකාවේ මහාපරිමාණ සහල් ආනයනය කරන ඒකාධිකාර හිමියන් අතිවිශාල ලාභයක් හෙව්වා. අන්තිමට ඒකෙන් දඬුවම ලබුනේ ගොවියටයි පාරිභෝගිකයටයි. මඩකළපුව වව්නියාව දිස්ත්‍රික්කවල මේ අවුරුද්දේ මුලදී වී කිලෝව විකිණුනේ රුපියල් 85ට. සහතික මිල නිකුත් කරද්දි හම්බන්තොට දිස්ත්‍රික්කේ 20%ක් ගොයම් කැපිලා. ඔවුන්ට වී කිලෝව විකුණන්න වුනේ රුපියල් 90 ගානේ. ඊටපස්සේ පාලන මිලට වැඩියෙන් සහල් විකුණ අයට දඬුවම් දෙනවා කියලා ආණ්ඩුව තව නාඩගමක් නැටුවා. දැන් පොලිසියේ සංඛ්‍යාලේඛන අනුව සිල්ලර වෙළෙන්දෝ 1400ක් අත් අඩංගුවට අරගෙන ඔවුන්ගේ කඩවල් සීල් කරලා. මේ හාල් කිලෝ එකකින් රුපියලක් දෙකක් තුනක් ලාභ හොයන අහිංසකයෝ. එතකොට සහල් තොග හංගගෙන කෘතිම හිඟයක් නිර්මාණය කරලා කෝටි ගණං ලාභ හොයන ප්‍රාග්ධන බූවල්ලන්ට, මහ මෝල් හිමියන්ට කෝ දඬුවම් ?. අන්තිමට අනුර දිසානායක ජනාධිපතිවරයා මාධ්‍යට ඇවිත් කිව්වේ මහ මෝල් හිමියෝ අහිංසකයි කියලා. එතකොට මේ කියන විදිහට වැරද්ද කරල තියෙන්නේ පාරිභෝගිකයොයි, ගොවියොයි, සුළු මෝල් හිමියොයි, සිල්ලරකඩ වෙළෙන්දොයි. පොල් ප්‍රශ්නෙදි වුණෙත් මේක. හැමෝම මයිට තමයි හේතුව කියලා පුංචි සතෙක් පස්සෙ යනවා. හැබැයි පොල් ගෙඩි මිලියන හත් අටසීයක් එක සැරේ ගිලපු ලොකු මයිටා ගැන කවුරුත් කතා කරන්නෑ. මාක්ස් කිව්වේ මේ ලොකු මයිටට අත තියන්න කියලා.

      මෙතනදි තමයි අපිට මාක්ස් නිවැරදියි කියලා තේරුම් යන්නේ. මාක්ස් කියන විදිහට ප්‍රාග්ධනයේ ප්‍රධාන ස්වරූප දෙකක් තියනවා. එක පැත්තකින් ප්‍රග්ධනය වැඩි ලාභ සොයමින් හැමතැනටම රිංඟනවා. තව පැත්තකින් ප්‍රාග්ධනය එක් තැනකට සමුච්චනය ( ගොඩගැහෙනවා ) වෙනවා. 2024 අවුරුද්ද පටන් ගන්නකොට ලෝකයේ විශාලම බිලියනපතියන් සතුව තිබුණ සමස්ත වත්කම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 13ක්. දෙසැම්බර් 31 වෙද්දි ඒ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 15ක් වෙලා. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ඔවුන්ගේ වත්කම් ඩොලර් 2,000,000,000,000කින් වැඩි වෙලා. පසුගිය ජනවාරි මාසේ නිකුත් කරපු OXFAM වාර්තාව කියන විදිහට ලෝකේ විශාලම බිලියනපතියෝ දහදෙනාගේ වත්කම් රටවල් 156ක දළ දේශීය නිශ්පාදිතයන්ගේ එකතුවට සමානයි. රටවල් 156ක මිනිසුන් කෝටි ගණනක් භුක්ති විඳින වත්කම් ප්‍රමාණයට සමාන වත්කම් ප්‍රමාණයක් පුද්ගලයන් දහදෙනෙක් තනිවම තමන්සතු කරගෙන ඉන්නවා. එහෙම ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. 

දැන් රටම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවේ පළමු අයවැය දිහා. ඒ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලැබේවි කියන බලාපොරොත්තුව එක්ක. හැබැයි ආණ්ඩුව පක්ෂපාතී වෙන්නේ කවර පන්තියටද කියන ප්‍රශ්නය මත තමයි ජනතාවගේ ප්‍රශනවලට උත්තර ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. විසර්ජන පනත් කෙටුම්පතෙන් අපිට මේ එන අයවැය ගැන දළ අදහසක් ගන්න පුලුවන්. මේ වෙලාව රටේ ආහාර සම්බන්ධ දැවැන්ත අර්බුදයක් තියෙන වෙලාවක්. සහල් හිඟයක් ඇවිත් තියෙන්නේ. ලක්ෂ 70ක් මිනිස්සු මන්දපෝෂණයට ගොදුරු වෙලා. එහෙම වෙලාවකත් පළවෙනි අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව වෙළඳ හා වාණිජ අමාත්‍යංශයට වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 2.1යි. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 317යි. මහාපරිමාණ ඒකාධිකාරවලට අභියෝග කරන්න ඔවුන් එක්ක හැප්පෙන්න නිශ්පාදනයේ රාජ්‍ය පංගුව වැඩි කරනවා කියලා පාරම්බාපු ආණ්ඩුවක් මේ. දැන් ඒ හැප්පෙන්න යන්නේ රුපියල් බිලියන 2කින් ද ? ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට වෙන් කරපු මිලියන 317න් හාල් කිලෝ කීයද ගන්න පුලුවන් ? පොල් ගෙඩි කීයද ගන්න පුලුවන් ? අනිත් එක වැඩ කරන සේවකයන්ගේ පඩි ගෙව්වාම තව කීයද ඉතුරු වෙන්නේ. දැන් පහුගිය කාලේ හාල් කිලෝ එකකින් රුපියල් 65ක බද්දක් ගත්තා ආණ්ඩුව. එමගින් ආසන්න මාස දෙකේ රජය රුපියල් බිලියන 10ක බදු ප්‍රමාණයක් හොයල තියනවා. නමුත් වී මිලදී ගන්න වෙන් කරල තියෙන්නේ රුපියල් බිලියන 5යි.

ආණ්ඩුව  කතාකලේ නිශ්පාදන ආර්ථිකයක් හදන්න. හැබැයි කර්මාන්ත අමාත්‍යාංශයට ප්‍රාග්ධන වියදම් වෙන් කරල තියෙන්නේ රුපියල් බිලියන 8යි. ඒ ප්‍රමාණයෙන් කිසිම කර්මාන්තයක් නගාහිටුවන්න වෙන්නෙ මෑ. දැන් නව තාක්ෂණය ගේනවා රට ඩිජිටල්කරණය කරනවා කියලා කතන්දර ගොඩක් කියලා අන්තිමේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 5යි. හැබැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයට රුපියල් බිලියන 13ක් වෙන් කරලා. ඔය බිලියන 5න් ගේන්න පුලුවන් තාක්ෂණයක් නෑ. අර අපි ගැන ඔත්තු බලන සෝදිසි රාජ්‍යයට අවශ්‍ය ජෛවමිතික හැදුනුම්පත හදන්න එක තමයි ඕකෙන් කරන්න පුලුවන්. 

                අයවැයේ ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් කියලා කොටස් දෙකක් තියනවා. පුනරාවර්තන වියදම් කියන්නේ එදිනෙදා කටයුතු සඳහා වෙන් කරන වියදම්. ප්‍රාග්ධන වියදම් වලින් තමයි නව වටිනාකම් නිපදවන්නේ. උදාහරණයක් විදිහට දැන් එතකොට අධ්‍යාපනයට වෙන් කරන ප්‍රාග්ධන වියදම්වලින් තමයි නව පන්තිකාමර, විද්‍යාගාර පුස්තකාල වගේ දේවල් අලුතින් ඉඳි වෙන්නේ. මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් මහාමාර්ග අමාත්‍යාංශයට ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තියනවා රුපියල් බිලියන 389ක්. නමුත් ලංකාවේ දසදහසක් පාසල්, විශ්ව විද්‍යාල 18ක් සහ සිය ගණනක් කාර්මික විද්‍යාල අයත්වන සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රාග්ධන වියදම් වෙන් කරල තියෙන්නේ රුපියල් බිලියන 65යි. ලංකාවේ සමස්ත ජන ගහණයෙන් 4/1ක් ඉන්නේ ශිෂ්‍යයෝ කියන එක ආණ්ඩුවට අමතක වෙලා. ලක්ෂ 220ක් වෙන සමස්ත ජනතාවගේම සෞඛ්‍ය සඳහා ප්‍රාග්ධන වියදම් වෙන් කරල තියෙන්නේ රුපියල් බිලියන 95යි. ජාතික ජන බලවේග ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ මිනිස්සු මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ ආණ්ඩුවත් රාජපක්ෂ ආණ්ඩුව වගේම පාරවල් හදන්න තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. සමාජ ආරක්ෂණවලට මුදල් වෙන් කරල නැති වුනාට මේ පාරත් මර්දනයට උපරිම වෙන් කරලා. 2024 අවුරුද්දේ ආරක්ෂක වියදම් රුපියල් බිලියන 423යි තිබුණේ. ඒක මේ අවුරුද්දේ රුපියල් බිලියන 442ක් කරලා.

   මෙන්න මේක තමයි මාක්ස් පැහැදිලි කලේ දේශපාලනය කියන්නේ පන්ති පක්ෂපාතීත්වයක් කියලා. කන්න නැතුව මන්දපෝෂණයට ලක් වෙච්ච ජනතාව වෙනුවෙන් ද පෙනී ඉන්නේ නැත්තං ගෝලීය ප්‍රාග්ධන බූවල්ලන් වෙනුවෙන් ද පෙනී ඉන්නේ කියන බෙදුම් ඉර හරියට ඇඳගන්න ඕන. අපි හිතනවා මේ පාර අයවැයේදී ආණ්ඩුව ඒ ඉර හරියටම ජන්තාවට පෙන්නයි කියලා. ඔවුන් හිට ගන්නේ කවර පන්තියක් වෙනුවෙන් ද කියලා ජන්තාවට දැනගන්න පුලුවන්. නමුත් අයවැය පාර්ලිමේන්තුවේ තවම සම්මත වෙලා නැති නිසා ආණ්ඩුවට දැන් වුනත් වෙලාව තියනවා මේවා වෙනස් කරන්න. ඒ නිසා මේ රටේ සමස්ත ජන්තාවම බලාගෙන ඉන්නවා ආණ්ඩුව ගන්න තීරණය දිහා. අපි දැනට සුබදායීව බලාගෙන ආණ්ඩුව ජන්තාවගේ පැත්තෙ හිටගනීවි කියලා.

  නමුත් මේ අහන්න ලැබෙන දේවල් දිහා බැලුවම අපිට ඒ ගැන තියෙන්නේ සැකයක්. ඒකට හේතුව තමයි. අපි දන්නවා බිලියන ගණං ලෝකෙට ණය වෙලා ඒ ණය වලින් අන්තිමට සංවර්ධන කටයුතුවත් නොකර ජනතාවගේ මූලික අවශ්‍යතාවත් සම්පූර්ණ නොකර ඩොලර් බිලියන ගණං දේශපාලනයේ පවුල් කිහිපයක් විසින් පහුගිය කාලේ හොරා කෑවා. ඒක නිසා මුළු රටක් ණය උගුලක හිර වුනා. රට බංකොලොත් වුනා. ඒ බංකොලොත්භාවය නිසා ඇති වුන පීඩාවේ ප්‍රකාශනය තමයි මෙවර ඡන්ද පත්‍රිකාව ඇතුලේ කතිරයක් විදිහට එලියට ආවේ. සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු දෙක පන්නල මිනිස්සු ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ගෙනාවේ අලුත් පාරක රට ගෙනියයි කියන බලාපොරොත්තුවෙන්.  දැන් ඒ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පසුගිය දවසක උජාරුවෙන් මාධ්‍යය වෙත ප්‍රවෘත්තියක් නිකුත් කරනවා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකුට නොදුන් තරමේ විශාල ණයක් අනුර දිසානායක ජනාධිපතිවරයාට දෙන්න එකඟ වුණා කියලා. මේ ආණ්ඩුව පසුගිය මාස දෙකට රුපියල් බිලියන 438ක් ණය වෙලා කියලා පත්තර වාර්තා කරනවා. රට දැවැන්ත ණය උගුලක හිර වෙලා ඉන්න වෙලාවකත් ණය ගැනීම වීර කමක් විදිහට පුරසාරම් දොඩවන ආණ්ඩුවක් නම් අපිට ඉන්නේ රටට ඉස්සරහට වෙන්න යන දේ ගැන හිතාගන්නවත් බැරි වෙයි. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ උගුලේ රට වට්ටන්න ඔබ ඉඩ තියන්න එපා. මාක්ස් කියපු විදිහට මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ පීඩිත ඔබේ මැදිහත් වීමක් ඇතුලේ. අන්න ඒ මැදිහත්වීම කරන්න එන්න කියන ආරාධනය අපි ජනතාවට කරනවා. " ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan