දුම්රිය රියදුරු වර්ජනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

යුද හමුදා නිලධාරීන් දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇත.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම නිසා ලොකෝමොටිව් ඉංජිනේරු සංගමය මෙම තීරණයට එළඹ තිබේ.

හමුදා පිරිස් මෙම සේවයට බඳවා ගැනීම තම වෘත්තීය ගෞරවයට හා පැවැත්මට තර්ජනයක් බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම හදිසි වර්ජනය හේතුවෙන් දෛනිකව දුම්රියෙන් ගමන් කරන මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...