*
Monday, September 30, 2024
spot_img

Latest Posts

පාපන්දු තහනම ඉදිරියේ ඇමති නිහඬයි ලංකාවට තවත් අවස්ථාවක් අහිමි වෙයි..

ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවත්වෙන 14 වන SAFF කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වි තිබෙනවා.ඒ ක්‍රීඩාව පරිපාලනය කිරීමේදී “තුන්වන පාර්ශ්වයේ ඇඟිලි ගැසීම්” ඇති බවට චෝදනා කිරීමෙන් පසු පසුගිය මාසයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගැනිම නිසයි.

මේ සම්බන්ධයෙන් ජාති්‍යන්තර පාපන්දු සම්මේලන නිලධාරීන් හා එකඟ වූ පරිදි ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර නොමැති බවට එල්ලවන චෝදනාව බරපතල එකක් වන අතර තහනමින් පසුව එය ඉවත් කර ගැනිම සඳහා සැළකිය යුතු මැදිහත්විමක්,තහනමට පදනම සැකසූ ක්‍රීඩා අමාත්‍යංශය හරහා මෙතෙක් සිඳු වී නැති වීම කණගාටුවට කරුණක්.
ඉතාමත් අසාර්ථක තීරණ ගැනීමේ දුර්වල පෞරුෂ්‍යක් ඇති අයෙක් බවට පත්ව සිටින ක්‍රීඩා අමාත්‍යවරයා,ජාත්‍යන්තර ක්‍රීඩා නීතියට පිටු පා තමන්ගේ උපදේශකයන්ගෙන් සහ කමිටු පරුවා ගෙන සිටින හිතවතුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් යම් යම් ආකාරයට ක්‍රීඩාවේ පරිපාලනයට අත් පෙවිය හැකි අන්දමට රටේ ක්‍රීඩා නීතිය සංශෝධනය කරමින් ක්‍රියා කිරීම තවත් ක්‍රීඩා ගණනකින් ශ්‍රී ලංකාව තහනම් වීමේ අවධානමකට අත වනමින් සිටිනවා.එසේම මේ වන විට එවැනි තීන්දු නිසා නඩු කිහිපයක්ම පවරා ද ඇත.

SAFF තරගාවලිය පැවැත්වෙන්නේ කුමන රටකද යන්න බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කල අතර ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නොමැතිකම නිසා ඉන්දියාවට එහි සත්කාරකත්වය පහසුවෙන් හිමි කර ගැනීමට හැකි විය.ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉන්දියාවට වඩා හොඳ මට්ටමක සිටින අතර පකිස්තානය වැනි රටවල් ඉන්දියානු තරගාවලියකට සහභාගි විම සැක සහිත නිසා වැඩි අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබිණ.
ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රීඩා නීතියට පිටින් තන්ගේ අණෂක යටතේ ලංකාවේ ක්‍රීඩාව පවත්වාගෙන යාමේ දුර්වල මානසිකත්වයෙන් පෙළෙනවා හෝ එවැනි මානසිකත්වයකින් කටයුතු කිරීමට අමාත්‍යවරයා පොළඹවන නිසා හෝ මේ වන රටේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් දැඩිව ප්‍රතික්ෂේප වෙමින් තිබෙන බවක් දැක්විය හැකිය.ඔහුගේ ආශිර්වාදය ලබන ක්‍රීඩාව කරන පිරිස් අතර ප්‍රියතාවයක් නොදක්වන පුද්ගලයන් ජාත්‍යන්තරය පිළිගත් රටේ ක්‍රීඩා පරිපාලනවලට ඉහළින් ඇමති අණසක යොදා ගෙන කටයුතු කිරීම ච අශෝභන ක්‍රියාවක් වි ඇති අතර මේ මොහොතේ රග්බි ලෝක කුසලානය ප්‍රදර්ශනය ද සිඳුවෙමින් ඇත්තේ ඒ අකාරයටය.

ක්‍රිකට් ආයතනයෙන් විවිධ ක්‍රීඩාවන්ට මෙන්ම ජාතික අවශ්‍යයතාවයන්ට ආධාර ලබා ගන්නා අතරේ ඔවුන්ට සෘජුව මුහුණ නොදෙමින් ක්‍රිකට් ආයතනය සමඟ කතා බහ කිරීමේ බලය සිය උපදේශක සුදත් චන්ද්‍රසේකරට පවරා ක්‍රිකට් පරිපාලනය විවේචනය කරමින් සිටින්නේය.සුදත් චන්ද්‍රසේකර ද ක්‍රීඩාව සම්බන්ධ ඉහළ දැණුම්ක් සම්බන්ධ පුද්ගලයෙක් නොවන අතර නමුත් අමාත්‍යංශයේ බොහෝ සේවකයින් පවසන්නේ අමාත්‍යවරයා පත්විම ලැබීමෙන් පසු ගෙවුණ කාලයෙන් වැඩි කාලයක් විදේශගතව සිටියදි අමාත්‍යවරයා වෙනුවෙන් බොහෝ දේ තිරණය කළේ උඵදේශකවරයා බවය.
ක්‍රීඩාවේ පරිපාලන නීති නොව ක්‍රිඩාවන් කෙරෙන ආකාරයේ නීති සම්බන්ධයෙන් ද ප්‍රායෝගික අවබෝධයක් නැති පිරිස් යොදාගෙන ක්‍රීඩා අමාත්‍යවරයා කරන්නේ බර වාහන පැදවීමේ බලපත්‍රයට ගුවන් යානා එළවීමේ අවස්ථාව දීම වැනි වැඩක් බව ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද සේවකයින් අතර ජනප්‍රිය කතාවක් වි ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan