ඕනෑම වෙලාවක නීතිය හමුවට යන්න සූදානම්. මම වැරදි නැහැ – රජයේ මුද්‍රණාලාධිපති (VIDEO)

Date:

ඉල්ලා තිබුණ පරිදි පොලිස් ආරක්ෂාව ලැබුණා නම් සහ මැතිවරණ කොමිසමෙන් අත්තිකාරම් මුදල නිසි ලෙස ලැබුණා නම් ජන්ද පත්‍රිකා මුද්‍රණය නිසි ලෙස සිදුකිරීමට තිබුණු බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය අද (17) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

ජන්ද පත්‍රිකා 17 වැනිදා වන විට ලබා දීමට හැකිද යන්න ඊයේ දින මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දීමක් කර තිබුණු අතර ඊට තමන් පිළිතුරු දීමට පෙරම තැපැල් ජන්දය නියමිත දිනට පැවැත්විය නොහැකි බවට නිවේදනය කර ඇති බවයි ලියනගේ මහත්මිය සඳහන් කළේ.

මේ වන විට පවතින තත්ත්ව්ව්හය යටතේ නිසි පොලිස් ආරක්ෂාව යටතේ දින පහක් තුළ ඉතිරි වී තිබෙන මුද්‍රණ කටයුතු සිදු කළ හැකි බවද ඇය කියා සිටියාය.

”සාමාන්‍ය මුද්‍රණ කටයුතු අවසන්. ජන්ද පත්‍රිකා සහ ද්විත්ව ජන්ද පත්‍රිකා පොර්ස්ටර්ස් සහ ප්‍රතිඵල ලේඛන පමණයි ඉතිරි වෙලා තියෙන්නේ.මිලියන 400ක් වගේ මේ වැඩේට යනවා මිලියන 200ක් අත්තිකරකමක් ඉල්ලුවා. නමුත් ලැබුණේ මිලියන 100යි ඒකෙනුත් මහා භාණ්ඩාගාරය ප්‍රතිපාදනයක් ලෙස අපට නිදහස් කර තිබුණේ මිලියන 40යි. මිලියන 400ක වැඩ 40න් කරන්න තියෙන්නේ. නමුත් දැනටම මිලියන 250ක් වගේ වැඩ ඉවරයි. අපි වැඩ කළේ නැහැ කියන්න බැහැ.අපි දිගටම පොලිස්පතිගෙන පොලිස් ආරක්ෂාව ඉල්ලුවා. නමුත් ලැබුණේ නැහැ. ගේට්ටුවේ ඉන්න නිලධාරීන් දෙන්න විතරයි හිටියේ. භ්ගයක් හරි ඉවර කළේ ඒ නිලධාරීන් දෙන්නගෙන් කෙනෙක් අරන්. පොලිස් ආරක්ෂාව නැතුව මේ වැඩේ කරන්න බැහැ. ආරක්ෂාව නැති නිසා අපේ එක අංශයකට සීමා වෙන්න වුණා. දැනට මුද්‍රණය කර තිබෙන ඒවත් එකින් එකට නැවත පරික්ෂා කරන්න ඕනේ.අපි වැඩේ නතර කරලා නැහැ ඉල්ලපු එකම දේ පොලිස් ආරක්ෂාව දෙන්න කියන එක.
පොලිස් ආරක්ෂව දෙන්න බැහැ කියල කිව්වෙත නැහැ. ප්‍රශ්නය පොලීසිය ආපු නැති එකයි. ඕනෑම වෙලාවක මේ ගැන නීතිය හමුවට යන්න සූදානම්. අපේ වැරද්දක් නැහැ.” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...