22ත් අපි අපේ බලය පෙන්වනවා – ආණ්ඩුව නිහඬ නම් මාර්තු 01 සිට රටම අඩපණ වෙයි! (VIDEO)

Date:

සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් එළඹෙන 22 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේය.

එම සන්ධානය නියෝජනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සියලුම ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයින් ඊට සූදානමින් පසුවෙන බවයි.

ආණ්ඩුව එම පණිවිඩය හෝ තේරුම්නොගන්නේ නම් එළඹෙන මාර්තු 01 වැනිදා සිට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙන්ම සියලුම වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් ඉතා දැවැන්ත විරෝධතාවලට යොමුවීමට තීරණය කර තිබෙන බවද ඔහු කියාසිටියේය.

අවසානයේ රටම අඩපණ වෙන තැනට එම වෘත්තීය ක්‍රියාමාර්ග යා හැකි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...