ඇමති බන්දුල ගුණවර්ධන ඩුබායි සංචාරයක

0
254

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා ඊයේ (16) දිවයිනෙන් පිටව ගොස් තිබේ.

දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයෙහි අරමුණ වී ඇති අතර බන්දුල ගුණවර්ධන මහතා මෙම සංචාරය අරතුර එරට ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය තානි බින් අහමද් අල් සෙයිදි මහතා ද හමුවීමට නියමිත ය.

එමෙන්ම ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පෙබරවාරි 17 – 19 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ද බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇති අතර ඒ මහතා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය නැරඹීමට ද නියමිත බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here