බ්‍රසිලයේ නායයාමෙන් 54 දෙනෙක් ජීවිතක්ෂයට

Date:

එලඹුණු බදදා දින බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයේ ඇති වූ නායයෑම් සහ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති.රියෝ ද ජැනයිරෝ නගරයට උතුරින් කඳුකරයේ පිහිටා ඇති නගරය ධාරානිපාත වර්ෂාපතනයට පසුගිය පැය 24ක කාලය තුල ගොදුරු විය.

නගරයේ වීදි හරහා ගංවතුර ගලා බසින දර්ශන සහ දෙපස නවතා ඇති මෝටර් රථ ගසාගෙන යනදර්ශන සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය විය.

මේ වන විට නගරයේ නගරාධිපතිවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.ගලවා ගැනීමේ කණ්ඩායම් අනතුරින් දිවි ගලවා ගත් අය මේ වන විටත් සොයමින් පසුවේ. සමාජ මාධ්‍යවල බෙදා හරින ලද වීඩියෝ දර්ශන මගින් මෙම සිදු විමෙන් විශාල හානියක් සිදුව ඇති බව පෙනෙයි.රුසියාවේ නිල සංචාරයක යෙදී සිටින එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, විපතට පත් වූවන් සඳහා කඩිනම් ආධාර සංවිධානය කරන බව පවසා තිබේ.

මේ වනවිට සොල්දාදුවන් 180 කට වැඩි පිරිසක් යොදවා ඇති අතර තවත් විශේෂිත සෝදිසි කණ්ඩායම් කිහිපයක් ඊට අමතරව යොදවා ඇත.මේ වන විට ජල ගැලීම්වලින් නිවාස 80 කට හානි සිදුවී ඇතැයි ගණන් බලා ඇත.

පැරණි බ්‍රසීල අධිරාජ්‍යයාගේ ගිම්හාන නිවහන වූ පෙට්‍රොපොලිස් ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. නමුත් එහි පිහිටීම නායයෑම් වලට නිරතුරුව ගොදුරු වේ.ආසන්නතම සිදු වීම 2011 දී සිදු වූ අතර, පෙට්‍රොපොලිස් සහ අසල්වැසි නගරවලට පසුකදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයින් 900 කට වැඩි පිරිසක් මිය ගියහ.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...