මව්බිමේ පංචායුධයගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා !!

Date:

තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පසුගිය දිනවල යම් කිසිවකු විසින් අත්පත් කරගෙන පැවති අතර මේ වනවිට එය නැවතත් සම්පූර්ණයෙන්ම තමන් වෙත ලබාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එම ගිණුම ලබාගත් පුද්ගලයා අදාළ කාලසීමාව තුළ ගැටුමක් ඇති වන ආකාරයේ පෝස්ටු ෂෙයා කර ඇති බවත් කිසිදු වගවිභාගයකින් තොරව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අයට අනුකම්පා කරන බවත් අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මව්බිමේ පංචායුධය යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා, දැඩි ඇමරිකානු විරෝධියෙකු වන වීරවංශ මහතාගේ ෆේස්බුක් ගිණුමට එරෙහිවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත්ව ඇත්දැයි අප දන්නේ නැත. එසේම ඇමරිකානු නිෂ්පාදන වන ගූග්ල්, කොකාකෝලා පවා වර්ජනය කරන්නැයි ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටි වීරවංශ මහතා තවත් ඇමරිකානු නිෂ්පාදනයක් වන ෆේස්බුක් භාවිතා කරන්නේ ඇයිද කියාත් අපට පැහැදිලි නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...