*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කෙහෙළියට එරෙහි තවත් නඩුවක විරෝධතා ගැන තීන්දුවට දින නියම වෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී තමන්ට නීත්‍යානුකූලව හිමි ජංගම දුරකථන දීමනා සීමාව ඉක්මවා යමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සිය ජංගම දුරකථන බිල පියවීම සඳහා යොදාගැනීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී ඒ මහතාගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධ තීන්දුව මාර්තු 07 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (16) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ප්‍රමිතියෙන් තොර එන්නත් තොගයක් මිලදීගෙන කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනට රක්ෂිත බන්ධානාගරගත කර සිටින අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයක පසුවන්නේ නම් ඔහුව මාර්තු 07 වනදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan