රත්නපුර – පානදුර මාර්ගයේ ගමනාගමනය සීමා!

0
168

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 17 කොළඹ (LNW): පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙනවා. ඒ හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙවෙනි.

අද රාත්‍රියේ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර්, පෙරහැර සඳහා අලිඇතුන් 40ක් හා ශාස්ත්‍රීය නර්තන කණ්ඩායම් 85ක් එකතුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති බව පොලිසිය දැනුම් දෙයි.