ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි !

Date:

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව පසුවූ ඒ මහතා මියයන විට 83 වැනි වියේ පසුවිය.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා වාරිමාර්ග හා ජල කළමනාකරණ, ආහාර සුරක්ෂිතතා, තිරසර සංවර්ධන හා වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුර දරා තිබිණි.

එමෙන්ම ඒ මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුර ද දරා ඇත.

අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...