ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි !

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව පසුවූ ඒ මහතා මියයන විට 83 වැනි වියේ පසුවිය.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා වාරිමාර්ග හා ජල කළමනාකරණ, ආහාර සුරක්ෂිතතා, තිරසර සංවර්ධන හා වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුර දරා තිබිණි.

එමෙන්ම ඒ මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුර ද දරා ඇත.

අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...