සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 17 කොළඹ (LNW): ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර සූරතාවලියේදී තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් අතර අංක එකට සිටි විරෙන් නෙත්තසිංහ අත්දැකීම් බහුල චීන සම්බවයක් ඇති කැනේඩියානු ක්‍රීඩක ෂියාඩොන්ග් ෂෙන්ග් ඉදිරයේ වට 2-1 ක් ලෙස පරාජය වුව ද,ශ්‍රී ලංකාව නියෝජනය කරන දුමිදු අබේවික්‍රම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් වුණා.දුමිදු වට 2- 0 ක් ලෙස ඉන්දියාවේ තරුන් මන්පපෙල්ලි පරාජයට පත් කරා.
මේ තරගාවලියට පිවිසෙන මොහොතේ ලොව අංක 67 ට සිටි විරේන් මේ තරගාවලියේදී ලැබූ ලකුණුත් සමඟ ඔහුට ඉදිරියෙන් සිටින මේ වන විට ඔලිමිපික් සුදුසුකම් ලේඛණයේ සිටින කසකස්තාන ක්‍රීඩක දිමිත්‍රි පැනරින් ඉක්මවා යනු ඇති.ඒ නිසා බොහෝ විට ලබන අගහරුවාදා ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනය නිකුත් කරන ඔලිමිපික් සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛණයට විරේන් ඇතුළත්වීමට ඉඩ තිබෙන අතර එම තත්ත්වය කළමණාකරණය වෙනුවෙන් විරේන්ට ඉදිරියේ සහභාගිවීමට නියමිත උගන්ඩා,නෙදර්ලන්ත,පෝලන්ත සහ චීනයේ පැවත්වෙන ආසියානු සූරතා තරගාවලියේදී විශාල කාර්යභාරයක් සිඳු කිරිමට සිඳුවනු ඇත.
විරෙන් සහ ෂෙන්ග් අතර තරගයේදී පළමු වටය ලකුණු 21 – 5 ක් ලෙස විරෙන් අපහසුවකින් තොරව ජය ගත්ත ද,දෙවන සහ තෙවන වටවලදී මේ චීන සහ කැනඩා මිශ්‍ර ක්‍රීඩකයා ලකුණු 21 – 16 සහ 21 -15 ක් ලෙස විරෙන්ට ඉදිරියෙන් සිට සමස්ත තරගයේ ජය අත් කර ගැනීමට සමත් වුණා.දුමිදු තරුන් පරාජය කිරිමේදී පළමු වටයේදී තියුණු සටනක් කර ලකුණු 22 – 20 න් ජයගත් අතර ඊට වඩා පහසුවෙන් දෙවන වටය ලකුණු 21 – 15 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.