ජනපති රනිල් ගාල්ලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , ඒ මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට සහ , එම කටයුතු සොයා බැලීමටයි.

මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙතම ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලූ අතර ,

සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට එම අවස්ථාවේම අදාළ නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර එම කර්මාන්තයේ දියුණුව උදෙසා ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කළේය.

කෙරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය සීග්‍ර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව සැලසුම් හේතුවෙන් මේ වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සීග්‍ර ඉහළ යාමක් සිදුව තිබේ.

2023 වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,489,000ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි.

මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ 2017 වසරේදී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 25කි. 2024 වසරේ දී එම ඉලක්කය අභිභවා යාම රජයේ අරමුණ වන අතර ලබන වසර වන විට එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම සාමාන්‍ය සංචාරකයන්ට අමතරව දිනකට ඩොලර් 500ක් වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විට රජය ක්‍රියාත්මක කර ඇත.

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කරගත් අතර රජයේ නව වැඩපිළිවෙළ සමඟ තම ව්‍යාපාර කටයුතු පරිවර්තනයකට ලක්ව ඇති බව ව්‍යාපාරිකයෝ පැවසුහ.

සීනිමෝදර, දික්වැල්ල, නිල්වැල්ල, හිරිකැටිය, වැලිගම සහ හබරාදුව ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට මෙන්ම දකුණු වෙරළ තීරයේ පිහිටි වැලිගම සර්ෆ් පාසල වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළේය.

උණවටුන සංචාරක කලාපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය සංචාරකයන් සමඟ කෙටි කතා බහකට ද එක් වෙමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ ද අදහස් ලබා ගැනීමට කටයුතු කළේය.

මේ අතර සති අන්ත නිවාඩු දිනයේ දී තංගල්ල සහ ගාල්ල වෙරළ තීරය වෙත පැමිණ සිටි දේශීය සංචාරකයන්ගේ ද තොරතුරු විමසීමට අමතක නොකළ ජනාධිපතිවරයා තම පැමිණීම සැලවීමෙන් මඟ දෙපස රැස්ව සිටි ජනතාව සමඟ ද කතා බහකට එක් වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සොයා බැලීය.

මෙරට දේශීය සහ විදේශීය සංචාරකයන්ට මෙම කලාපය තුළ නව සංචාරක අත්දැකීම් ලබාදීම සඳහා දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ විදේශිකයෙකු වන Jeffry Dobbs මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...