ලේඩි ගාගා සහ බෲනෝ මාර්ස්ගේ සුසංයෝගයෙන් “Die With a Smile” Billboard Radio Songs Chart හි අංක එකට!

Date:

සටහන – පුලී
පෙබරවාරි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ලේඩි ගාගා සහ බෲනෝ මාර්ස් සාමූහික සුසංයෝගයෙන් කරළියට ආ මෑතක දී ග්‍රැමී සම්මාන උලෙළේ දී පවා ඇගයුමට ලක් කළ “Die With a Smile” ගීතය මෙවර Billboard Radio Songs Chart හි අංක එකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

“Born This Way”යන ගීතයට පසු, ඇය මෙම ස්තානයට පාත්‍ර වූ තෙවෙන අවස්තාව ලෙස සනිටුහන් කෙරිණි.

මෙම ගීතය 2024 අගෝස්තු මාසයේදී නිකුත් වූ අතර, එය Billboard Hot 100 සංගීත පුවරුවේද ප්‍රබල ස්තානයක් හිමි කරගෙන සිටින්නට විය. විසි වසරකට ආසන්න කාලයක් තුළ Billboard Hot 100 හි අංක එකට පත්වූ ගාගා සම්බන්ධ වූ හයවන සින්දුව මෙය වේ.

මෙම සින්දුව Billboard Global 200 හි ද සිය සාර්ථකත්වය තහවුරු කර ඇත. එපමණක් නොව මෙම නිර්මාණය Spotify හි ද විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලබා ගෙන තිබේ.

ලේඩි ගාගාගේ ආදරණීය රසිකයින් ඇයගේ අලුත්ම සින්දුව ගැන දැඩි උනන්දුවක් දැක්වූ අතර, ඇය තම ෆෑන්ස්ලාට Instagram හරහා ස්තුතිය ද පළ කළාය. ගාගාගේ නවතම ඇල්බමය මෙම වසරේ දී නිකුත් වනු ඇති අතර, එයටද විශාල කැළඹීමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...