හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුට මාස 6ක සිර දඬුවම්. ප්‍රජා අයිතියත් අහෝසි කරයි !

Date:

2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂකයකු වූ සරත් ෆොන්සේකා මහතාට සහාය දීමට පොළඹවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42ක් අල්ලස් වශයෙන් ලබාදීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාෆා මහතාට මාස 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.

ඊයේ (17) දිනයේදී එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තවදුරටත් නියෝග කළේ මයෝන් මුස්තාෆා මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කිරීමට ය.

එමෙන්ම ඔහුට රුපියල් 500ක දඩයක් ද නියම කෙරිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු අතර නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබුණු දුරකථන සංවාද සහ සීසීටීවී දර්ශන අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔව්, අපිට සම්බන්ධ සමහරුත් මත්ද්‍රව්‍ය එක්ක අහුවුණා. අපි නීතිය ක්‍රියාත්මක කළා – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුවක්දණ්ඩාවේ සනා නමැත්තා...

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...