බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් IMF ගැන අනාවරණයක් …

Date:

බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ වාර්තාවක දැක්වෙන්නේ , මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ සහය නිල වශයෙන් නොලැබුණද, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙනු ඇති බවයි.

වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට, කිසියම් රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය නොදක්වන්නේ නම්, විශේෂ අවස්ථාවලදී පමණක් යොදා ගන්නා ප්‍රතිපත්තියකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙලෙස ණය පහසුකම් සඳහා අනුමැතිය ලබා දිය හැකි බවයි. තවද ශ්‍රී ලංකාවට ණය පහසුකම ලැබීම සඳහා අවශ්‍යව ඇත්තේ චීනයේ නිල අනුමැතිය පමණක් බවද එම වෙබ් අඩවියෙහි දැක්වේ. ශ්‍රී ලංකා බලධාරීන් ණය පහසුකම සඳහා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වනවිට ක්‍රියාත්මක කරමින් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙකුද සඳහන් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...