පළාත් පාලන මැතිවරණයට කුමක් වේවිද..???

Date:

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිල තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ අධිකරණ තීන්දුව මත මැතිවරණය සම්බන්ධයෙන් වන කොමිෂන් සභාවේ තීරණය, තීරණය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම එම දිනවල සිදු නොකරන බව මැතිවරණ කොමිසම ඊයේ නිල වශයෙන් දැනුම් දුන් අතර නැවත තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බව ප්‍රකාශ කෙරුණි.

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ දැනුම් දුන් අතර , එවන් පසුබිමක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් දැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවාගෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් නිල තීරණය මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි. එය ලබන සතියේ දැනුම් දෙන බවද ප්‍රකාශ කළා.

තැපැල් ඡන්දය නිසි පරිදි පැවැත්වීමට නොහැකි වූයේ සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා නියමිත දිනවල මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය කටයුතු නොකිරීම හේතුවෙන් බව මැතිවරණ කොමිසම පැවසුවා.

එහෙත් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී පැවසුවේ මේවන විටත් තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 75ක් මුද්‍රණය කර අවසන් බවයි. තැපැල් ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ තමාගෙන් කරුණු විමසීමකින් තොරව බවද ඇය පැවසීය .

කෙසේ වෙතත් ඉදිරි මුද්‍රණ කටයුතු සිදු කිරීමට පොලිස් ආරක්ෂාව අත්‍යාවශ්‍ය බවත් මේ දක්වා ඉල්ලා ඇති ආරක්ෂාව ලබා දී නොමැති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසීය . ඇය වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයේ කටයුතුවලට රුපියල් මිලියන 460ක මුදලක් අවශ්‍ය වුවද මේ දක්වා ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවයි.

මෙවන් පසුබිමක පැෆරල් සංවිධානය පැවසුවේ පළාත් පාලන මැතිවරණය කල් යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...