මෛත්‍රීට එරෙහිව අපරාධ නඩුවක් පැවරිය යුතුමයි – කතෝලික සභාව දැඩි ස්ථාවරයක !

Date:

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමය යන්න තම ස්ථාවරය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අවධාරණය කරයි.

“මගේ ප්‍රකාශය වුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාව ගෙනල්ලා, එතුමා කරපු ඒ භාරදූර ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන්නට කියලා. මොකද මේ සම්බන්ධව කතා කිරීමේදී මමත් විශ්වාස කරනවා එතුමාට සාක්ෂි ඇති එවැනි භාරදූර ප්‍රකාශයක් සිදුකරන්නට කියලා. ප්‍රසන්න රණතුංග මහත්මයාගේ මතයේම තමයි අපිත් ඉන්නෙ.

ඇත්තම කාරණය රටේ ජනතාව වුණත් දන්නෙ නැතුව ඇති, මෛත්‍රීපාල සිරිසේන මහතාම පත් කළ පංච පුද්ගල ජනාධිපති කොමිසම අවසානයේදී දුන්නු වාර්තාවේ 19 වැනි “වගවීම” කියන පරිච්ඡේදයේ සඳහන් වෙනවා, මම ඒක උපුටා දක්වන්නම් ;

ජනාධිපති සිරිසේන සහ නිලන්ත ජයවර්ධන ( අධ්‍යක්ෂ – රාජ්‍ය බුද්ධි සේවය ) අතර ඇති සාක්ෂි අතර ඉතා සමීප සම්බන්ධතාවයක් නිරීක්ෂණය කළ පරීක්ෂණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරන්නේ, සම්භාවිතා සමතුලිතතාවයක් මත නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 04 වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ ලැබුණු බුද්ධි තොරතුරු ජනාධිපති සිරිසේන වෙත ලබාදුන් බවයි. ඒ නිසා ම දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.

පහුගිය දවස්වල පාර්ලිමේන්තු විවාදයේදි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා මගේ අතේ තමයි තුනෙන් දෙකේ බලය තිබෙන්නෙ කියලා. එහෙම නම් අපි මේ රජයෙන් අහන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ තමන්ගෙ තුනෙන් දෙකේ බලය රැකගන්නටද ? ඒක නිසයි අපි කියන්නේ එතුමාව නීතිය ඉදිරියට අරගෙන ප්‍රශ්න කරලා මේ පිළිබඳ විමර්ශන කරන්න කියලා”

ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මේ බව පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තමන් ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...