*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ස්ටාර් ගාමන්ට්ස් සමූහය Great Place to Work සහතිකය හිමිකරගනියි 

සේයා රූ සටහන :

  1. ස්ටාර් ගාමන්ට්ස් සමූහය 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන, කටුනායක කේන්ද්‍ර කරගත් ස්ටාර් ගාමන්ට්ස් ආයතනය, සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳව ගෝලීය වශයෙන් ඇගයීම් සිදුකරන Great Place to Work® ආයතනයේ Great Place to Work සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. සේවකයින්ට හිමිවන ඉහළ අවධානය සහ සැළකිල්ල මෙන්ම සේවකයින් සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන මිත්‍රශීලී ප්‍රතිපත්තිය හා සහභාගීත්ව ප්‍රවේශය සළකා බලමින් මෙම සහතිකය පිරිනමා ඇත. 

එහිදී සේවකයින් කෙරෙහි සමාගම අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ඇගයීම වෙනුවෙන් Trust Index© සමීක්ෂණය සහ Culture Audit©  කළමනාකරණ ප්‍රශ්නාවලිය භාවිත කෙරිණි. එමගින් විශ්වාසනීයත්වය, සාධාරණත්වයට ගරු කිරීම, අභිමානය සහ සහෝදරත්වය වැනි ප්‍රධාන වටිනාකම් පහකට අදාළව සේවක අත්දැකීම් ඇගයීමට ලක්කරමින් මෙම සහතිකය පිරිනැමිණි. සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඉහත සඳහන් කළ වටිනාකම් පිළිබඳව ඉදිරිපත් වුණු සේවක ප්‍රකාශනවලින් 90%ක්ම ධනාත්මක ප්‍රකාශන වීම කැපීපෙනෙයි. 

සෑම සේවකයෙකුටම අධ්‍යාපනය සහ වර්ධනය ළඟාකරගත හැකි රැකියා පරිසරයක් බිහිකිරීම කෙරෙහි ද සමාගම විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව, ගෙවුණු දශක දෙකක කාලය තුළ, ස්ටාර් ගාමන්ට්ස් සමූහය දිවයින පුරා පිහිටි තම කර්මාන්තශාලාවල ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් 1,784ක් පවත්වා ඇති අතර, ඊට වැඩ පුහුණු වැඩසටහන් 700ක් ද අයත් ය. 

සේවකයින්ට වර්ධනය වීමට සහ ඉගෙන ගැනීමට විවිධ අවස්ථා උදාකරදීමේ වැදගත්කම මෙන්ම එය සේවක සන්තුෂ්ටිය කෙරෙහි දායකවන ආකාරය පිළිබඳව ද ස්ටාර් ගාමන්ට්ස් සමූහය මනාව අවබෝධ කරගෙන ඇත. එම නිසා සේවක සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමටත් සමාගම සැදීපැහැදී සිටියි. තව ද, සේවක සංවර්ධනය යනු හුදෙකලා ගමනක් නොව කණ්ඩායමක් ලෙස එකට යා යුත්තක් බව ද සමාගමේ දැඩි විශ්වාසය යි. 

ස්ටාර් ගාමන්ට්ස් සමූහය වාර්ෂිකව පුහුණු වැඩසටහන් 150-200 අතර සංඛ්‍යාවක් සංවිධානය කරන අතර, ඉන් ප්‍රතිලාභ ලබන සේවක පිරිස 2,000-3,000ත් අතර වේ. ඊට අමතරව වැඩ පරීක්ෂකවරු වෙනුවෙන් වාර්ෂික සංවර්ධන සැසි 20ක් පමණ සංවිධානය කිරීමට ද සමාගම කටයුතු කරයි. මෙම පුහුණු වැඩසටහන් අතුරින් සියයට 40ක් පමණ කළමනාකරණ කුසලතා සංවර්ධන සැසි ද, සියයට 25ක් තාක්ෂණික කුසලතා සංවර්ධන සහ තවත් සියයට 35ක් පමණ මෙහෙයුම් කාර්යමණ්ඩලයේ අභිප්‍රේරණ සහ පෞරුෂත්ව දියුණුව සඳහා ද වශයෙන් කාණ්ඩගත කළ හැක. 

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය යනු ස්ටාර් ගාමන්ට්ස් සමූහය තුළ හුදෙක් වැකියකට පමණක්  සීමාවූවක් නොවේ. ඒ වෙනුවෙන් නිසි ලෙස ස්ථාපනය කළ දර්ශනයක් සහ ක්‍රමෝපායක් ද සමාගම සතු ය. ඒ හරහා සරල මෙන්ම සංකීර්ණ ගැටලු සඳහා ද සාර්ථකව මුහුණ දිය හැකි කුසලතා සහ දක්ෂතා ළඟාකරගැනීමට සේවකයින් දිරිමත් කෙරේ. එය තම රැකියා ස්ථානය තුළ ඉදිරියට යාමට පමණක් නොව, තමන් තුළ වඩාත් සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරගැනීමට ද ඔවුන්ට ශක්තිය සපයයි. 

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන මෙරට ප්‍රසිද්ධ පුහුණුකරුවන්ගේ සහ ආයතනවල දායකත්වයෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරේ. එමෙන්ම පාසල්, විශ්ව විද්‍යාල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආශ්‍රිතව නායකත්වය සැපයීම, පෞරුෂත්ව සංවරධනය සහ වෘත්තීය මාර්ගෝපදේශනය වැනි සමාගම විසින් ක්‍රියාවට නංවනු ලබන විවිධ සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා ද සේවකයින් සහභාගී කරගැනේ. ඊට අමතරව ගුරුවරුන්ගේ කුසලතා සංවර්ධන සැසි මෙන්ම ඇඟලුම් කර්මාන්තය සහ කළමනාකරණය පිළිබඳ රාජ්‍ය ආයතන ආශ්‍රිත වැඩසටහන් ද සංවිධානය කෙරේ.  

  • අවසන් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan